පේරාදෙණිය විශ්විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂවරයා විශ්විද්‍යාලය සතු රුපියල් ලක්ෂ 27ක් වංචා කර හසුවීම නිසා වැඩ තහනම් කර ඇතැයි විශ්විද්‍යාල ආරංචි මාර්ග කියයි.
වාර්තාවන පරිදි සිදධිය මෙසේය. ක්‍රීඩාංගනය හා ක්‍රීඩාගාර බාහිර අංශ වෙත ලබා දෙමින් විශ්විද්‍යාලය උපයන මුදල් පරිපාලන බලය තිබී ඇත්තේ ශාරීරික අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂ වරයාටය.
එම මුදල් පරිපාලනය සඳහා පේරාදෙණිය මහජන බැංකුවේ ගිනුමක් පවත්වාගෙන යනු ලබයි. එම ගිනුමේ ලක්ෂ 31 මුදලක් තැන්පත් වී තිබී ඇත. මෙම අධ්‍යක්ෂවරයා ඉන් ලක්ෂ 27ක මුලක් ලබාගෙන නිවසක් ඉදි කර ඇති බව පරීක්ෂණවල දී තහවුරු වී තිබේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පැවැත්වේ.
එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ වැඩ දෙපාර්තමේන්තුවේ වැඩ පරීක්ෂක වටිනා දැව අඩි 202ක් වංචා කිරීම හේතුවෙන් ඔහුගේ ද වැඩ තහනම් කර ඇත.
ඔහු එම දැව පුද්ගලික ගැණුම්කරුවන් වෙත වංචනික ලෙස විකිණීමක් සම්බන්ධව විමර්ශනයකින් හෙළිදරවු වී ඇත. ඔහුගේත් සේවය අත්හිටුවා වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධව උපකුලපති මහාචර්ය එම්.ඩී.ළමාවංශගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු සියලුම දේපල සහ මුදල් දරුවන්ගේ අධ්‍යාපනය සහ අනාගතය වෙනුවෙන් බවත් වැලි කැටයක දෙයක් ඊට පරිබාහිරව භාවිත කළ නොහැකි බවත්ය.
එවැනි අපරාධ සම්බන්ධව උපරිම දඬුවම් ක්‍රියාත්මක කරමින් නීතිමය පියවර ගන්නා බවද උපකුලපතිවරයා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...