විදේශ පුවත්

ලොව බොහෝ රටවල් මේ වනවිට මැලේරියාව සාර්ථකව තුරන්කර තිබේ.

ඒ ප්‍රධාන වශයෙන් මැලේරියා වාහක මදුරුවන් විනාශ කිරීම මගිනි.

මැලේරියා රෝගීන් සුවකිරීමට ඖෂධ තිබුණද රෝගය වැලඳීම වැලැක්වීම සඳහා එන්නතක් ලොව මෙතෙක් භාවිත කර නොමැත.

මැලේරියා මර්දන එන්නතක් සඳහා වසර සියයක පමණ සිට උත්සාහයන් දැරුවත් එය සාර්ථක නොවූයේ මැලේරියා පරපෝෂිතයාගේ ඇති සංකීර්ණත්වය හේතුවෙනි.

කෙසේ වෙතත් අත්හදාබැලුණු RTS.S එනම් මොස්කිරික්ස් නම් එන්නත සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බව මීට වසර 6කට පෙර සොයා ගැනුණි.

වැඩිදුර අත්හදාබැලීම්වලින් පසු එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා අනුමත කෙරුණේ එය ලොව අනුමත පළමු හා එකම මැලේරියා මර්දන එන්නත ලෙස ඉතිහාසය ගත වෙමිනි.

මැලේරියාවෙන් අදටත් දැඩි ලෙස බැටකන අප්‍රිකානු දරුවන් වෙත එම එන්නත ලබාදීමට නියමිතය.

මදුරුවන් මගින් සම්ප්‍රේෂණය වන පරපෝෂිතයකු නිසා වැලඳෙන මැලේරියාවෙන් 2019 දී පමණක් අප්‍රිකානු දරුවන් 260,000ක් මියගොස් තිබුණි.

එන්නත මගින් මැලේරියා ළමා මරණ සියයට 30කින් අඩු කරගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

තාක්ෂණය කෙතරම් දියුණුව පැවතියත් මැලේරියා මර්දන එන්නත මෙතරම් ප්‍රමාදවීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබුණි.

ඒ කොවිඩ් වෛරසයට එරෙහිව මාස කිහිපයක් තුළ සාර්ථක එන්නත් නිපදවාගැනීමට පවා විද්‍යාඥයින් සමත්ව තිබීම සාක්ෂි ලෙස පෙන්වාදෙමිනි.

කෙසේ නමුත් විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ, කොවිඩ් වෛරසය හා සංසන්දනය කිරීමේ දී මැලේරියා පරපෝෂිතයා යනු වඩාත් අත්භූත හා සංකීරණ ජීවියෙකු බවය.

විද්‍යාඥයින් පවසන්නේ, මේ රෝගකාරක දෙවර්ගය සංසන්දනය කිරීමේදී මැලේරියා පරපෝෂිතයා මිනිසෙකු නම් කොවිඩ් වෛරසය ගෝවා ගෙඩියකට සමාන කළ හැකි ප්‍රාථමික ජීවියෙකු බවය.

ඒ මිනිස් ප්‍රතිශක්තීකරණයට පහරදීමට මැලේරියා පරපෝෂිතයා සතුව ඇති ඉහළ හැකියාව පෙන්වාදෙමිනි.

නව එන්නතින් පවා මැලේරියා රෝගීන්ට ආරක්ෂාව ලැබෙන්නේ 40%කින් පමණක් වීමෙන් එය තහවුරුවීම විශේෂත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More