ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයන් ඉවත් නොකර සිටීමෙන් ඇතිවන ගැටලු නිරාකරණය කිරීමට වහා මැදිහත් වන ලෙස රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පවසා සිටී.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතිගරු ජනාධිපතිතුමන් වෙත යැවූ ලිපියේ පරිවර්තනය..
වර්තමානයේ උද්ගතව ඇති ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමේ පරමාර්ථයෙන් රජය සාධාරණ ඇහුම්කන් දීමක් සිදු කර ඔවුන් සඳහා විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතු බව වගකිවයුතු වෘත්තීයවේදීන්ගේ සංගමයක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විශ්වාස කරයි.
දරුවන්ගේ අධ්‍යාපනය අකර්මණ්‍ය වී ඇති මෙවන් මොහොතක වගකිවයුතු රජයක් ලෙස මෙම ගැටළුවට සංවේදී වෙමින් තවදුරටත් ප්‍රමාද නොකොට විසඳිය යුතුය. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම තවදුරටත් ප්‍රමාද කිරීමෙන් ඇතිවන උද්ඝෝෂණ නිසා තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක්ද ඇත.
රාජ්‍ය සේවය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දාමයක් ඇති නොවන ආකාරයට, ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට නිවැරදි තාක්ෂණික වාර්තාවක් හරහා ස්ථාවර විසඳුමක් ලබා ගැනීම සඳහා එම ගැටලුව වැටුප් කොමිසන් සභාවේ ගැඹුරු අධ්‍යයනය සඳහා යොමු කරන ලෙස අපි යෝජනා කරමු.
එතෙක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හට සාධාරණ අන්තර්කාලීන දීමනාවක් ලබා දීම තුලින් මෙම සමස්ත ගැටලුව සඳහා සාධාරණ සහ ස්ථීර විසඳීමක් ලබාදීමට රජය ගන්නා උත්සාහ පිළිබද විශ්වාසයක් ගොඩ නැගීමට හැක.
තවද පහත කරුණු වෙත රජයේ අවධානය යොමු කර සිටිමු.
1. රාජ්‍ය සේවයේ වැටුප් පිළිබඳ ගැටලු අත්තනෝමතික කැබිනට් පත්‍රිකා මගින් විසඳීම වෙනුවට, වැටුප් කොමිෂන් සභාවේ නිසි අධ්‍යයනයක් සහිත නිවැරදි පටිපාටිය අනුගමනය කර සිදු කිරීම තුළින් තවදුරටත් මෙවැනි ගැටලු ඇතිවීම වළක්වා ගත හැක.
2. සැමවිටම ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් රාජ්‍ය සේවයේ වැටුප් පිළිබඳ ගැටලු නිරාකරණය කළ යුතුය. තවද, වැටුප් පරිමාණ අනුපාතය ඉහළ නැංවීම තුළින් වැටුප් ප්‍රතිපත්තියේ ඇති අඩුපාඩු නිවැරදි කළ හැක.
3. ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් දේශපාලනය අවශ්‍යතා මත පසුගිය කාලය පුරා කැබිනට් පත්‍රිකා මගින් සිදුකළ වැටුප් සංශෝධන සහ එමගින් ඇතිවූ වැටුප් විෂමතා නිවැරදි කළ යුතුය.
4. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කළ හැකි ලෙස ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සාධාරණව විසඳිය යුතුය.
මෙම ගුරු විදුහල්පති වැටුප් ගැටළුව සඳහා ස්ථාවර කඩිනම් විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වීම නිසා අන්තවාදී කණ්ඩායම් මෙම ගැටලුව අවස්ථාවාදී න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ පාලනය අතට ගනු ඇත. තවද, මේ තුලින් වෙනත් ප්‍රතිලාභ අපේක්ෂා කරන අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වීම හරහා දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ රටවලට යොමු වීම මගින් අප රටට විදේශ විනිමය අහිමි විමේ අවදානමක් ද ඇත.
ජාතික වැටුප් ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් වර්තමාන ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සඳහා විසඳුමක් ලබා දීමට රජය සාධාරණ සහ අව්‍යාජ උත්සාහයක් දැරීම තුළින් අපගේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට හැකිවන බව අපි විශ්වාස කරමු.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...