කොළඹ 07 මේට්ලන්ඩ් ක්‍රෙසෙන්ට් හි පදිංචි නලින්ද තෙන්නකෝන් නැමැත්තෙකු චෝදනා කරන්නේ සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය විසින් තම නිවසක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවයි.
එහිදි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ 2007 වසරේ සිට කුලී පදනම මත තමාට අයත් නිවස ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් භාවිතා කළ ද දැනට ලක්ෂ 35 ක පමණ හිඟ කුලී මුදලක් තමන්ට දීමට නියමිතව ඇති බවයි.
ප්‍රේමදාස යුවල විසින් දිගින් දිගටම කුලී මුදල් ගෙවීම පැහැර හරිමින් සිටින බවත් නිවස මිලදී ගැනීමට සාකච්ඡා කර ගිවිසුමකට එළඹ සිටියද ද ඒ සඳහාද මෙත්ක් මුදල් ගෙවීම් කර නැති බවද ඔහු පැවසුවේය.
“මේ සම්බන්ධයෙන් මම අධිකරණයේ නඩු පවරා තිබෙනවා, මට අවශ්‍ය වන්නේ මගී නිවස නිදහස් කර ගැනීම හෝ නිවසේ වර්තමාන වටිනාකමට අනුව ඔවුනට එම නිවස විකුණා දැමීමයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...