මේ වනවිට වංචා දූෂණ රැසක් සිදුවෙමින් තිබෙන බවත් ඒ පිළිබඳව තමන් වහන්සේ වේදනාවෙන් සිටින බවත් මෙම වංචා දූෂණ නැවැත්වීමට ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මැදිහත්විය යුතු බවත් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
රටේ ආර්ථික අර්බුද නිර්මාණය වන අයුරින් වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් හෙළිදරව් කිරීමට තමන්වහන්සේ සුදානම් බවද ඒ හිමියෝ සඳහන් කරති.
උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ වත්මන් රජය බලයට ගෙන ආ හේතුව පාලකයින් විසින් අමතක නොකළ යුතු බවය.
ඒ සම්බන්ධයෙන් අදමද් දැක්වූ ඒ හිමියෝ “කොරෝනා නිසා ආණ්ඩුව යම් විපතක ඉන්නවා කියලා අපි පිළිගන්නවා. නමුත් මං ගාව තියෙනවා විස්තර. ජනාධිපතිතුමනි, ඒකයි මං වේදනාවෙන් කතා කරන්නේ. වංචා දූෂණ නවත්වන්න. ඒ නැවැත්තුවොත් සල්ලි ප්‍රශ්නයක් නැහැ. වංචා කරන්නේ කවුද කියලා මං දන්නවා.” යනුවෙන් සඳහන් කළහ.
ඇල්ලේ ගුණවංශ හිමියෝ මේ බව සඳහන් කර සිටියේ ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධානයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...