දේශීය පුවත්

රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීම වාරණය කරමින් පසුගිය මාර්තු මස 16 වනදා කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබූ අතුරු තහනම කොළඹ දිසා අධිකරණය විසින් අද විසුරුවා හැරියා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධ පුවත් පළ කිරීමට දී තිබූ වාරණ නියෝගය ද අද අවලංගු කළා.

ප්‍රසිද්ධ ජන හමුවකදී අමාත්‍ය විමල් වීරවංශ විසින් රිෂාඩ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සිදු කළ ප්‍රකාශයක් රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කිරීම හරහා තමන්ගේ කීර්ති නාමයට හානි වූ බවට පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළේ පසුගිය මාර්තු මාසයේදීයි.

ඒ එම ප්‍රකාශය නැවත රූපවාහිනී ඔස්සේ විකාශය කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටිමින්.

අද දින එම පෙත්සම සලකා බැලූ කොළඹ දිසා අධිකරණ අංක 1 ප්‍රධාන දිසා විනිසුරු අදාළ වාරණ නියෝගය සහ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More