උන් වහන්සේ මෙම අදහස් පළකළේ අද (07) LNG ගිවිසුම අත්සන් කිරීම මගින් දූෂණයක් සිදුව ඇති බවත් එබැවින් භාණ්ඩාගාර ලේකම්වරයාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වර්තමාන ජනාධිපතිතුමත් ඒ වගේම වර්තමාන පාර්ලිමේන්තුවත් පත්වුණේ සෞභාග්‍යයෙ දැක්ම ඒ ප්‍රකාශනයට අනුව. දේශීය සම්පත් සුරකින බවට අපේ රටේ ජනතාවට පොරොන්දු දීලා. ඒ නිසාම මහජනතාව විශ්වාසය තබලා 60නම ලක්ෂයක් ඡන්දය දුන්නා. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය ඇති පාර්ලිමේන්තුවක් පත් පත්කර ගැනීමට අවශ්‍ය ඡන්දය දුන්නා. හැබැයි සමහර අවස්ථාවලදී අපට බොහෝම පැහැදිලිව පේනවා ඒ දේශීය සම්පත් සුරකීම වෙනුවට දේශීය සම්පත් විදේශ වලට බදු දීම එහෙම නැත්නම් විකිණීම වගේ දේවල් සිද්ධ වෙනවා.
එයින් බරපතළ එකක් තමයි මේ යුගදනවි බලාගාරය ඇමරිකාවට බදු දීම අවුරුදු පහකට. අවුරුදු පහකට නෙමෙයි මාස කිහිපයකට බදු දුන්නත් ඇමරිකාව ඒ අය ගොල්ලන්ට අවශ්‍ය ප්‍රයෝජනය ගන්නවා. කවදාවත් ඇමෙරිකාව ආසියාතික රට වලට හිතවත්ව කටයුතු කරන්නේ නෑ. ඉතින් එහෙම එකේ ඒ මේ බදුදීම රහසිගතව ඇයි සිද්ධ කළේ. අපට බරපතළ ප්‍රශ්නයක් ඡන්ද දායකයො දන්නෙත් නෑ. ඡන්දෙ දීලා පත් කරපු මන්ත්‍රීවරු දන්නෙත් නෑ. ඒ විදිහට මහජනතාව හා මහජන නියෝජිතයන් දැනුවත් නැතුවයි මේ ගිවිසුම අත්සන් කරල තියෙන්නෙ.
ඉතින් ඒ නිසා අපි බොහොම තදින්ම ඉල්ලා හිටිනවා මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න යන්න එපා. අපි දැන් අල්ලස් කොමිසමටත් බාර දුන්නා ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකුත් ගොනු කරනවා මේකට එරෙහිව අපට කොහොමවත් බලන් ඉන්න බෑ. මේ දේශීය සම්පත් විජාතික විදේශික බලවේග වලට බදු දෙනකොට ඉන්දියාව ඇමරිකාව වගේ රටවල් අපට හිතවත්ව කටයුතු කරපු බවක් පේන්න නෑ අපට. ඉතින් ඒ නිසා අපි බොහොම කරුණාවෙන් බොහොම තදින් ඉල්ලා සිටිනවා වර්තමාන රජයෙන් ජනාධිපති තුමාගෙන් අගමැතිතුමාගෙන් ඒ වගේම පාර්ලිමේන්තුවෙන් මේ වගේ දේවල් කරන්න එපා. මේ දේශීය සම්පත් විකුණන්න වත් බදු දෙන්නවත් බෑ දැන් සමහර වෙලාවට මේගොල්ලෝ කියනවා අපි විකිණුවේ නෑ. විකුණුවත් එකයි බදු බදු දුන්නත් එකයි.
අල්ලස් කොමිසට ලබා දුන් පැමිනිල්ලේ පිටපත
Yugadhanavi Complaint to Brib. Com. (1)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...