දේශීය පුවත්

ජාතික සංවිධාන එකමුතුව වශයෙන් අපි මේ පෙත්සම අල්ලස් කොමිසමට ඉදිරිපත් කරළා තියෙන්නේ. අපි දකින්නේ මේක විශාල දූෂණයක් හැටියට. මේ LNG ගිවිසුම ටෙන්ඩර් කැඳවන්නේ නැතුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව, කැබිනට් අනුමැතියකින් තොරව සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන්ම වගේ ඉදිරිපත් කරපු ගිවිසුමක්. ඒ වගේම මේක ඇත්ත වශයෙන්ම දූෂණයක්. මේකෙන් දූෂණයට අමතරව අපගේ ස්වෛරීභාවයට විශාල හානියක් සිදුවෙනවා. මොකද මේ ගිවිසුම මගින් ඇමරිකාව අපේ විදුලිබල ශක්තිය අතට අරගෙන එයාලට ඕන වෙලාවක එවා නිෂ්ක්රීකය කරල අපිව දන ගස්සන්න පුළුවන්. ඒ වගේ භයානක දෙයක් මේ ගිවිසුම මගින් සිදු වෙනවා.

එම නිසා මෙම ගිවිසුම අවලංගු කළ යුතුයි. එමෙන්ම මේ වගේ දේවල් කරන්න ඉඩ දුන්නොත් අපේ සම්පූර්ණ ස්වාධීපත්‍ය නැති වෙනවා. අනිත් එක මේක කරන්න හදන්නේ භයානක අවස්ථාවක. මොකද අපි දැන් ඉන්නේ ගිනි කන්දක් උඩ. අපේ රට දැන් තියෙන්න තුන්කොන් බලවේගයකට මැදි වෙලා. එහෙම තියන වෙලාවක මේ වගේ දෙයක් ඇමරිකාවට දීම මහා භයානක දෙයක්. මේක තුන්වැනි ලෝක යුද්ධයක් කරා යන්න මුල් වෙන්න පුළුවන්. එම නිසා අපි කියනවා ආණ්ඩුවට මේක වහාම අකුල ගන්න කියලා. යැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ අපි අද භාණ්ඩාගාරයේ ලේකම් ට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පැමිණිල්ලට පදනම වන්නේ ඔහු මූලිකත්වය ගෙන කැබිනට් එක නොමඟ යවා කැබිනට් එකට අත්සන් කරපු ගිවිසුම පවා ඉදිරිපත් නොකර මේ LNG බලාගාරයේ කොටස් විකිණීම සහ ගෑස් සැපයීමේ කොන්ත්‍රාත් සහ යටිතල පහසුකම් කොන්ත්‍රාත් විදේශීය සමාගමට සම්බන්ධයෙන් තමයි. අද මේ අල්ලස් කොමිසමට පැමිණිලි කරන්නේ එතැනදී ඔහු වැරදි හතරක් කරලා තියෙනවා අල්ලස් දූෂණ පනත 70 වගන්තිය යටතේ රජයට පාඩු සිදුවන ආකාරයට පළවෙනි වරද තමයි. මෙය යුගදනවි බලාගාරයට අදාල කොටස් විකිණීමේදී මේ රටේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් තමයි එහෙම කරනවා නම් කරන්න පුළුවන්. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් නොකර එහෙම කොටස් විකිණීම නිසා රජයට පාඩු සිදු වෙනවා.

දෙවැනි කාරණය ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ ගෑස් යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුව එකට ගැට ගසා එක සමාගමකට දීම නිසා රජයට අනාගතයේදී තරගකාරී මිලට වෙනත් ප්‍රභවයන්ගෙන් ගෑස් ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා රජයට පාඩු සිදු වෙනවා. තුන්වැනි කාරණය මේ ගෑස් ගබඩාව පොළවේ පාවෙන ගබඩාවට අතිරික්ත ධාරිතා ගාස්තුවක් ගෙවන්න අවුරුදු පහකට එකඟ වෙනවා ඩොලර් මිලියන 250 කට වැඩි ප්‍රමාණයක්. හැබැයි එහෙම ගබඩාවක් මිළදී ගන්න පුළුවන් ඩොලර් දෙසීයකට. විශේෂඥ මතය අනුව එතකොට මේ විදිහට අතිරික්ත ධාරිතාව යකට ගෙවන්න එකඟ වීමෙන් රජයට පාඩු සිදු කරලා තියනවා. හතරවෙනි කාරණාව තමයි අපට අවශ්‍ය ගෑස් ප්‍රමාණයට වඩා ගෑස් ප්‍රමාණයක් මිලදී ගැනීමට එකඟ වීම නිසා අපි භාවිතයට නොගන්නා ගෑස් වලටත් අපට මුදල් ගෙවන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා රජයට පාඩු වෙනවා ඒ නිසා මේ ආකාරයට මේ ගිවිසුම් අත්සන් කිරීම මගින් භාණ්ඩාගාර ලේකම්වරයා රජයට පාඩු සිදු කළකරලා තියෙනවා. ඒ නිසා ඔහු අල්ලස් අල්ලස් හා දූෂණ පනතේ 70 වගන්තිය උල්ලංගනය කරලා තියෙනවා.

නිතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා කියා සිටියේ මේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළේ අපි දන්නවා මේ රටේ ආර්ථික මරමස්ථාන බවට පත්වෙලා තියෙන බලශක්ති සම්බන්ධයෙන් වැදගත් ප්‍රභවයක් වන මේ යුගදනවි බලාගාරය. මේ ක්‍රියාවලිය අමාත්‍ය මණ්ඩලයට හංගලා කැබිනට් මණ්ඩලයට හංගලා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා භාණ්ඩ ලේකම්වරයා වශයෙන් ගෙන ගිය ක්‍රියාවලිය ඉතාම සැකසහිතයි. කැබිනට් මණ්ඩල කිසිවක් මේ සම්බන්ධයෙන් දන්නෑ. කැබිනට් මණ්ඩලය න්‍යාය පත්‍ර වල මේ සම්බන්ධයෙන් කිසිවක් අතුලත් වෙලා තිබුණේ නෑ. මේ ක්‍රියාවලිය තුළ අපි දැකපු ලොකුම ප්‍රශ්නය තමයි ජාත්‍යන්තරය ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමයි මේ කාරණාව සිද්ධවෙන්නේ සිද්ධ වෙන්නේ. අපි දන්නවා අපේ රටේ ගමේ ස්කෝලෙක අඩු තරමින් කැන්ටිමක්වත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව දෙන්නෙ නෑ. බලාගාරයේ ඉදිකිරීම ඒකෙ නල පද්ධතිය ඇතිරීම ඒ වගේම ගෑස් සැපයුම මේ කියන කාරණා තුනම භාර දීල තියෙන්නෙ එකම සමාගමකට. මේ ඒකාධිකාරිය බාර දුන්නට පස්සේ අපට සිද්ධ වෙන දේ තමයි ඒ අදාල අදාළ සමාගම කියන විදියට නැත්තං ඇමරිකානු සමාගම කියන විදියට නටන්න සිද්ධ වෙන එක.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More