නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයටගෙනා ගල් අඟුරුවලට බදු අය කිරීමේ දී සිදුවූ වැරැද්දක් නිසා රුපියල් කෝටි 13 කට වැඩි ආදායමක් රජයට අහිමි වී ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) වාර්තාවේ සඳහන්වේ .
මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ආයතන රැසකින් පසුගිය වසරේදී පද්ධති දෙකක් හරහා රුපියල් කෝටි දහ දහස් පන්සීයකට වැඩි හිඟ බදු මුදල් ප්‍රමාණයක් අයකර ගත යුතුව තිබුණත් අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි හාරසිය හතළිස් දෙකක් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව එහි සභාපති මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (6) පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීය.
මේ තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය .
කාරක සභාව සිදුකළ රාජ්‍ය ආයතනවලට අදාළ විමර්ශන 16 ක තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් වන බවත් මෙම විමර්ශනවල තොරතුරු දැකගන්නට ලැබීමෙන් තමා විශ්මයට පත්වූ බවත් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවැසීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලෙජසි පද්ධතියට අනුව 2021 වසරේ මාර්තු මස 30 වැනිදා වන විට හඳුනාගත් ආයතන වලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු හිඟ බදු ප්‍රමාණය රුපියල් රුපියල් කෝටි 1800 ක් බවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාරක සභා වාර්තාවේ දැක්වේ. මෙම ප්‍රමාණයෙන් මුදලින් අයකර ගෙන තිබුණේ රුපියල් කෝටි හතළිස් දෙකක් පමණි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රමිස් පද්ධතියට අනුව එදිනට පැවැති හිඟ බඳු ප්‍රමාණය රුපියල් කෝටි 8700 කි. මෙම ප්‍රමාණයෙන් මුදලින් අයකර ගෙන තිබුණේ රුපියල් කෝටි 400 ක් පමණක් බවද වාර්තාවේ සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...