දේශීය පුවත්

කොළඹ රුසියානු මන්දිරය විසින් රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව 2022/2023 සඳහා අයදුම්පත් කැඳවනුලබයි.

රුසියානු රාජ්‍ය විශ්ව විද්‍යාල වල උපාධි පාඨමාලා (Bachelors/ Masters/ PhD) සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියන් රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉගෙනීමේ මාධ්‍යය රුසියානු භාෂාවෙනි. තෝරාගත් සියලුම අයදුම්කරුවන්ට තමන් තෝරාගෙන ඇති විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂාව ඉගෙන ගැනීමට අමතර වසරක් (පළමු වසර) ලැබේ. (එය ශිෂ්‍යත්වයට ඇතුළු වේ)

2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා වන වාර්ෂික ඇතුළත් වීමට අයදුම්පත් බාර ගැනීම 2021 සැප්තැම්බර් 1 වන දින ආරම්භ වන අතර 2021 නොවැම්බර් 1 වනදා අවසන් වේ.

වැඩි විස්තර දැන ගැනීමට සහ ඔබේ අයදුම්පත ඉදිරිපත් කිරීමට රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව සදහා වූ නිල වෙබ් අඩවියට පිවිසෙන්න https://education-in-russia.com

මෙම ශිෂ්‍යත්වයට ඇතුළත් හා ඇතුළත් නොවන දේ මොනවාද?

ඇතුළත් වේ:
• උසස් අධ්‍යාපනය නොමිලයේ ලබා දෙනු ඇත
• විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ නවාතැන් ගැනීම සඳහා විශේෂ සහනාදායී ගෙවීම්. (ගෙවීම නාමික ගාස්තුව දක්වා අඩු කෙරේ)

ඇතුළත් නොවේ:
• ගුවන් ගමන් ගාස්තු සහ අනෙකුත් ප්‍රවාහන ගාස්තු
• වෛද්‍ය රක්ෂණය
• මාසික ජීවන වියදම (ජීවන වියදම් ගාස්තු නගරය මත වෙනස් වේ. මොස්කව්හිදී එය දළ වශයෙන් මසකට 300USD වන අතර අනෙකුත් ප්‍රදේශ වල එය සැලකිය යුතු ලෙස අඩු වනු ඇත)
• ලේඛන පරිවර්‍තන ගාස්තු

තේරීම අදියර දෙකකින් සිදු වේ:

පළමුවැන්න රස්සත්රූද්නිචෙස්ත්වා නියෝජිත කාර්යාල, රුසියානු තානාපති කාර්යාල සහ විදේශ දූත මණ්ඩල විසින් සිදු කරනු ලබන අතර ලියාපදිංචිය https://education-in-russia.com හි සිදු කෙරේ

පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව, රට සඳහා වෙන් කළ කෝටාව අනුව අපේක්‍ෂක ලැයිස්තුවක් සාදනු ලැබේ.

ඇතුළත් වීමේ පළමු අදියර තුළ ලැයිස්තුගත කර ඇති අපේක්‍ෂකයින්ගේ ලේඛන සලකා බලා රුසියානු සමූහාණ්ඩුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති රුසියානු විශ්ව විද්‍යාල විසින් දෙවන අදියර තෝරා ගැනීම් පවත්වනු ලැබේ.

වැඩි විස්තර: කොළඹ පිහිටි රුසියානු මන්දිරයෙන්:
0112685429
විද්‍යුත් තැපෑල: edu@lka.rs.gov.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More