දේශීය පුවත්

නාඩු වී කිලෝග්‍රෑම් එකකට රුපියල් 60ක සහ දියර කිරි ලීටරයකට රුපියල් 100ක සහතික මිලක් ලබා දීම ඇතුළු රටේ ආහාර සුරක්ෂිතතාව රැකගැනීමට සහ කෘෂි නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීමට ජාතික නිදහස් පෙරමුණ හරහා තම ගොවි ව්‍යාපාරය ආණ්ඩුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා ක්‍රියාත්මක වේ යැයි අපේක්ෂා කරන බවත් ගොවි ජනතාව ශක්තිමත් කිරීම වෙනුවට ඔවුන්ට අනවශ්‍ය සටන් බිම් නිර්මාණය කරදීම ආණ්ඩුව නොකළ යුත්තක් බවත් ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ (06) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

කාබනික පොහොර සඳහා ගොවීන් ක්ෂණිකව යොමුකිරීම නොතිබූ සටනකට ඔවුන් බලහත්කාරයෙන් කැඳවීමක් බව පෙන්වා දුන් පියතිස්ස මහතා, එබඳු ක්‍රියාමාර්ග වී ගොවියා පමණක් නොව එළවළු ගොවීන්, තේ වගාකරුවන්, පොල් වගාකරුවන් ඇතුළු සමස්ත ගොවි ප්‍රජාව මෙබඳු ලෝක ව්‍යාප්ත වසංගත සමයකදී “කබලෙන් ලිපට ඇද දැමීමක්” බව ද පෙන්වා දුන්නේය.

ඊනියා විද්වතුන්ගේ “ලණු කමින්” මෙවැනි ක්ෂණික තීන්දු ක්‍රියාත්මක කිරීම වෙනුවට ආණ්ඩුව තමන් බලයට පත් කළ 69 ලක්ෂයක ජනතාවගෙන් බහුතරය නියෝජනය කරන ගොවි ජනතාව පිළිබඳ ගැඹුරින් සිතා බැලිය යුතුව තිබූ බව ද ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපතිවරයා සඳහන් කළේය. මෙවැනි අපරිනත ආකාරයේ තීන්දු ක්‍රියාත්මක වීමට බලපාන්නේ මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට පූර්ණ ලෙස ආරම්භයේ සිට කටයුතු කළ බලවේග හා දේශපාලන පක්ෂ නායකයන් සමග නිසි සංවාදයක් පවත්වාගෙන නොයාම බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ඒ නිසා එම බලවේග සහ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකත්වයන් සමග සාමූහිකව සාකච්ඡා කර රටේ ජාතික තලයට අදාළ තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුවේ ප්‍රධානීන් කටයුතු කිරීම, ආණ්ඩුවේ ආයු කාලය දීර්ඝ කරනු ඇති බව ද පියතිස්ස මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙබඳු වසංගත කාලසීමාවක ආහාර සුරක්ෂිතතාව රැක ගැනීම ඉතා වැදගත් බවත් ඉහත ක්ෂණික කාබනික පොහොර ක්‍රියාන්විතය හේතුවෙන් ගොවීන් ගොවිතැන අත හරින තත්වයකට පත්ව ඇති බව කී පියතිස්ස මහතා මෙවර වගා කිරීමට නියමිත කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 03 දක්වා අඩු වීමේ අවදානමක් ඇති බවටද අනතුරු ඇඟවූයේ ය.

වී ගොවිතැන ආරක්ෂාකර ගැනීමට ‘සහතික මිල ඉතා වැදගත් බවත්’ නාඩු වී කිලෝග්‍රෑමයට රුපියල් 60ක සහතික මිලක් නියම කර පාරිභෝගිකයාට නාඩු සහල් කිලෝග්‍රෑමය රුපියල් 110 ලබාදීම තම යෝජනාව බවත් පිටරටින් ගෙනෙන ඇපල් වැනි දෑට සහ සිගරට්, අරක්කු, බුලත්විට වැනි දෑට ඉහළ මිලක් ගෙවන පාරිභෝගිකයා තමන් තුන්වේලට කන බත්පත වෙනුවෙන් එම වියදම බරක් කර නොගන්නා බව තමන්ට විශ්වාස යැයි ද ඒ මහතා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More