යුගදනවි බලාගාර ගනුදෙනුවේ සිදුව ඇති දූෂණයන් සම්බන්ධව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට එරෙහිව අද(07 ) පෙ.ව. 11.30ට කොළඹ 7 පිහිටි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
ඒ සඳහා තමාද ඇතුළුව ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයන් වන පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, නීතිඥ කල්‍යානන්ද තිරණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, ප්‍රිමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගීවීමට නියමිත බවද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා අප වෙත පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...