දේශීය පුවත්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පවසා සිටියේ පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ විමර්ශනය සඳහා මේ වනවිටත් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කර අද සිට මසක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද(06) නියෝග කිරීමෙන් අනතුරුව අදාළ විමර්ශන ආරම්භ කළ බව ලේකම්වරිය වැඩිදුරටත් පවසා සිටියාය.

ලොව පුරා සිටින රාජ්‍ය නායකයින්,දේශපාලනඥයින්, ධනවතුන් සහ බලවත් පුද්ගලයින් හෙළි නොකර පවත්වාගෙන ගිය මූල්‍ය වත්කම් සම්බන්ධයෙන් “ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය” විසින් කළ ගවේෂණාත්මක හෙළිදරව්ව හේතුවෙන් ලොව පුරා කැලඹීමක් ඇති කළ අතර එය හැඳින්වුයේ පැන්ඩෝරා පත්‍රිකා ලෙසය.

මෙරට හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතාගේ නම් ද එම අනාවරණය තුළ අඩංගු වූ බැවින් ශ්‍රී ලංකාව තුළත් ආන්දෝලනයක් ඇති කෙරුණි.

එම දෙපල “අක් වෙරළ සමාගමක්” හරහා සිදු කළ ආයෝජන මගින් ලන්ඩනයේ හා සිඩ්නි නගරයේ සුඛෝපභෝගී මහල් නිවාස මිලට ගෙන ඇති බව එම පත්‍රිකාවල සඳහන් විය.

2011 වසරේ තිරුකුමාර් නඩේසන් මහතා සතු මුළු ධනය අමෙරිකානු ඩොලර් මිලියන 160ක් බවත් එහි දැක්වුණි.

මේ අතර පැන්ඩෝරා පත්‍රිකාවලින් චෝදනා එල්ලවූ ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතා ද අද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ තමාගේ සහ තම බිරිඳගේ නම් මෙම පත්‍රිකාවල සඳහන් වීම පිළිබඳ සොයාබැලීම සඳහා ස්වාධීන හා කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.
ඔහු සිය ලිපියෙන් යෝජනා කරන්නේ ඊට විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු පත්කිරීම වඩාත් සුදුසු බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More