දේශීය පුවත්

පසුගිය වසරේ ඉන්දියාවේ ලක්ෂද්වීප් දිවයින් ආසන්නයෙන් ඉන්දීය වෙරළාරක්ෂක භාරයට ගැනුණු අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් යාත්‍රාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමිල්නාඩු ජාතිකයින් දෙදෙනා එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් බව හෙළි වී ඇතැයි ඉන්දීය ජාතික ආරක්ෂක ආයතනය පවසයි.

පසුගිය වසරේ මාර්තු 18 වනදා මත්ද්‍රව්‍ය විශාල තොගයක් මෙන්ම ඒ.කේ 47 වර්ගයේ ගිනි අවි 5ක් සමඟ රවිහන්සි නමැති යාත්‍රාව සහ ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණි.

පසුව අදාළ පරීක්ෂණ ඉන්දීය ජාතික ආරක්ෂක ආයතනය වෙත පැවරුණි.

ඔවුන් සිදුකරන ලද පරීක්ෂණ වලට අනුව සුරේෂ් රාජ් සහ සෞන්දර්රාජන් නමැති තමිල්නාඩු ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනුණි.

ඉන්දීය ජාතික ආරක්ෂක ආයතනය කොචී අධිකරණය වෙත වාර්තා කර ඇත්තේ මොවුන් දෙදෙනා තමිල්නාඩුවේ සහ වෙනත් විදේශ රටවල එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් සමග එක්ව කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ සඳහා ඩිජිටල් සාක්ෂි එක් රැස් කරගෙන කර ගෙන ඇති බව ද ඔවුන් කොචීහි විශේෂ අධිකරණයට දැනුම් දී තිබේ.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අරමුදල් රැස් කිරීම මෙන්ම අනාගත සැලසුම් පිළිබඳව ද ඔවුන් කරුණු හෙළි කළ බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අධිකරණයට ප්‍රකාශ කෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More