රටේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පස්වරු 5ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
එම විශේෂ කැබිනට් රැස්වීමේදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල වැඩි කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් ද අවසන් තීරණයක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
කැබිනට් මණ්ඩලය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුම් තාක්ෂණය ඔස්සේ ඊයේ(05) රාත්‍රියේ පැවැත්වූ නමුත් ජනාධිපතිවරයා ඊට සහභාගී වී නැති බව වාර්තාවේ.
මේ අතර කැබිනට් ලේකම්වරයා අමාත්‍ය මණ්ඩලයට ඊයේ (05) රාත්‍රියේ දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 7 වෙනිදා දී විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වෙන බවයි..
ඒ අනුව හෙට(07) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී . සිමෙන්ති ,කිරිපිටි සහ ගෑස් මිල ගණන් වැඩි කිරීමට අදාළව විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි බොහෝ පිරිස් සැක පහළ කරයි.
ඉහත කී ද්‍රව්‍යය වල මිල වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කර ඇති යෝජනාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ නමුත්, ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් වී නොමැති බවද වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...