පුරවැසි කොලම

2/3 බහුතරය සහ මොල්ලිගොඩගේ භූමිකාව

අපි හැමෝටම සැරින් සැරේට අමතක වෙන දෙයක් තමයි අපේ ප්‍රධාන සතුරා කවුද කියන එක. ඒ තමයි මේ ආණ්ඩුව. ඒක පරදවන්න අපිට තිබෙන්නෙ විකල්ප 3යි. මැතිවරණයකට යන එක. ප්‍රංශ විප්ලවයෙ වගේ වීදි බැහැල ආණ්ඩුව දනගස්සන එක. අනික 2/3 බහුතරයක් ලබාගන්න එක. ඒත් අපිට සතුරා පරාජය කිරිමට නම් මේ පාර්ලිමේන්තුව තුල සටනත් වීදියේ සටනත් දෙකම අතට ගත යුතුය.

මේ ආණ්ඩුව දන්නවා ඊලඟට හරි හපන් කෙනෙක් ආවොත් එවුන්ට ගෙදර යන්න වෙන බව. මැතිවරණයට නාම යෝජනා දෙන්න තිබෙන්නේ තව මාස 16 ක් පමනයි. ඒ නිසා ඔවුන්ව ඩොලර් වලින් සතපවන සුදු හාම්පුතුන්ගේ අණ පරිදි දමිල ඩයස්පොරාවේ සිතැඟි ඉටු කරන්න රටට අහිතකර අණපණත් වගයක් ගෙනෙන්න ඔවුන් වලිකනවා. අතීතයෙන් පාඩම් ඉගනගත්තා නම් අපි දන්නවා පණතක් ගෙනාවට පස්සෙ මොන කෙරුම් කාරයට වුනත් ඒක අනිත් පැත්ත හරවන්න මොන තරම් අමාරුද කියල. බලන්න 13 ශංශෝධනය ගලවගන්න බැරුව අපි මොනතරම් දුක් විඳිනවද කියල. ඒ නිසා මේ ආණ්ඩුවට 2/3ක බහුතරය අහිමි කළ යුතුයි.

දැනට තියන 52ට අර එලියට ආව 16ත් එක්ක 68යි. තව 8ක් අපිට ලැබෙන්න හැකි එකම විදිහ ශ්‍රිලනිපයෙන් ආවොත් පමණයි. ඒත් මේ ආපු අයටත් කුණුමාලු කෑලි ටිකකට වගේ සලකනකොට තව 8 දෙනෙකු අපි සමග එකතු වෙන්න කියල ඒත්තු ගන්වන්නෙ කොහොමද. ඒ අයට පිලිගැනීමක් නැතුව සමාජයෙන් කොන්වෙයි කියල හිතුනොත් අනිත් අයත් එනවද?

හරි, අපි අවිවාදයෙන් තොරව පිලිගන්නව ඒ අය මෙච්චරකල් එජාපෙත් එක්ක නොකෙරෙන දීගයක් කාල බැරි තැන එලියට බැහැපු අය කියල. ඉතිං අපි මේ පරණ කෝන්තරේ පිරිමහගත්ත කියල රටට හොඳක් වෙනවද. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා 225 ම ඔවුනොවුන් මිතුරො. මේ එලියෙ ඉන්න අපි විතරයි එවුන්ගේ ප්‍රතිරූප හදන්න ගිහිං එක එකාට මඩ ගහගනිමින් අපේ මිතුදම් නැති කරගනිමින් කා කොටා ගන්නෙ. ඇයි අපි මෙච්චර මෝඩ වෙන්නෙ? අපි එවුන්ගෙන් ප්‍රයෝජන අරගෙන රට බේරගන්න 2/3 බහුතරය හදාගෙන මේ විනාශකාරී අණපනත් හෙලා දමමු. ඊට පස්සෙ ඕන වැන්නක්. ඊලඟ මැතිවරණයේදී ඔවුන්ගේ අනාගතය ජනතාව තීරණය කරයි.

රටට ආදරේ අය ඉන්නවා නම් තේරුම් ගන්න මේ 16 දෙනා සමග තව 8 දෙනෙක් එක් කරගත්තොත් පමනයි අපිට පාර්ලිමේන්තුවෙ බහුතරය හදාගෙන 20 වන සංශෝධනය පරදවන්න හැකි වෙන්නෙ. ඒ විතරක් නෙවෙයි රණ විරුවන් උදර්පනය කිරීම සදඟා 18 දින ගැසට් කරන පත්‍රය 07 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම පනත රටට ආදරය කරන පිරිස් විදියට අප පරාජය කළ යුතු නොවේද? ටිකක් යතාර්ථවාදී වෙලා බලමු අපේ පලිගැනීමේ චේතනාවල් සහ මහා මාන්නයද වැදගත් නැත්නම් රටේ භෞමික අඛන්ඩතාවයද කියලා.

අද මාන්නෙන් ඔලුව උදුම්මගෙන ඉන්න අපිට හෙට දැනගන්න්න ලැබෙයි අපේ රටෙන් 1/3 ක ඊලාම් රාජ්‍යයක් තියනවා කියලා. අපේ ඉදිරි පරම්පරාව අපිට ශාප කරයි අපි මේ පුංචි රට දෙකට කඩන්න ඉඩ දීල හිටිය මුතුන් මිත්තොය කියල. 20 දිනන්න ලැබෙන්නෙ නෑ කියල කවුරු කොහොම කීවත් වැඩක් වෙන්නෙ නෑ ඩොලර් සුවඳට අම්මලාවත් විකුනන පාර්ලිමේන්තු සංස්කෘතියක් තියෙද්දි. අපි මේක පාර්ලිමේන්තු මට්ටමෙන්ම කඩාගත්තෙ නැත්නම් ජනමත විචාරණයකට ගියොත් අපි පරාදයි.

නූතන මොල්ලිගොඩ කෙනෙක් ඉන්නව වගේ පෙනෙනවා මේ යහපාලනයෙ ඉඳල ආව 16 දෙනා එනවට අකමැති. වෙනත් වචන වලින් කියනව නම් අපිට බහුතර 2/3 ක් ලබාගෙන 20 වන සංශෝධනය දිනනවට අකමැති කෙනෙක්. මේ අදහස් සපල කරගන්න ඔහු ඉතාම සූක්ශම වැඩ පිලිවෙලක් ගෙනියන බව සියුම්ව මේ දිහා බලන ඔනැම කෙනෙක්ට පෙනෙනවා.

නියෝජ්‍ය කතානායක තෝරන චන්දෙ වෙලාවෙ පොහොට්ටුවෙ මන්ත්‍රීල 20කට ආසන්න ගානක් කැන්ටිමේ තියාගෙන චන්දෙ දීම වලක්වල ප්‍රසන්න රණතුංගයි රොහිත අබේගුණවර්ධනයි ඒ කලේ මොන විදිහේ කාර්‍යභාරයක්ද? අපේ මන්ත්‍රීලට නිදහසේ රහස් චන්දයක් භාවිතා කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මොකද වුනේ. ඔවුන් එවැනි අඳබාල වැඩක් කලේ කාගෙ කොන්ත්‍රාත් එකකටද? අපි හිතන්න ඕනෑ මෙපමනයි. අපිට වැඩි සහයක් පාර්ලිමේන්තුවේදී ලැබෙන්න ඉඩ තියෙන්නෙ එජාප නියෝජ්‍ය කතානායක කෙනෙක්ගෙන්ද? නැත්නම් ශ්‍රිලනිප 16 කණ්ඩායමේ නියෝජ්‍ය කතානායක කෙනෙක්ගෙන්ද? දැන් තේරෙනවද අඟේ ඉඳල කන කන මොල්ලිගොඩ කෙනෙක් මෙතන ඉඳන් රටට හතුරු ආණ්ඩුවට තවත් ජයග්‍රහණයක් අත්පත් කරදුන් විදිහ.

ඔය නූතන මොල්ලිගොඩ තමයි දිනේශ් සහ සිරිසේන අතරේ අගමැති පුටුවට සීතල යුද්ධයක් ඇති කරල අන්තිමට එක්කෙනෙකුටවත් නොදී දිමුට දෙන්න වැඩ සිදු කලේ. අපි මේ පොඩි මිනිස්සු මුහුණු පොතේ කරන සොච්චම් වැඩ වගේ නෙවෙයි මහ මොලකරුවො කරන්නෙ.

මේකෙ තව පැත්තක් ගෝඨා අපේ කන්ඩායමෙන් ඉදිරිපත් කරන ජනපති අපේක්ශකයා කියල නිල නොවන ප්‍රකාශනයක් ඇයි තවම ඉදිරිපත් නොකරන්නෙ. මේවා දේශපාලන ටැක්ටික්ස් කියල හිතලා, අන්තිම මොහොතේ ස්වර්ග රාජ්‍යයෙන් ගොඩබහින සුරදූතයෙක් වගේ, හුදී ජනයා පිනවන්න ගෝඨා කරලියට එයි කියල නම් හිතන්න එපා.

ගෝඨාට තවම මොල්ලිගොඩලගෙන් අවසර ලැබිලා නැහැ. ඒකයි මේ ප්‍රශ්නෙ. ගෝඨාගෙ ලොකු අයියටත් වඩා එහා ගිහින් පොහොට්ටුවෙ යාන්ත්‍රණය අතට අරන් බිම් මට්ටමේ අය හසුරුවන මොල්ලිගොඩ කෙනෙක් ඉන්නවා ඔහුට නිසි තැන නොදෙන. අපි හැමෝගෙම ඇස් වහල මහින්ද ඇතුලු මුලු පොහොට්ටුවටම මුකවාඩම් දාල මැයි රැලියෙදි 20ට විරුද්ධව කතාවත් කරන්න එපා කියපු පක්ශය පාවා දෙන්නෙක්.

ගෝඨාට චන්දෙ ඉල්ලන්න බැරි ප්‍රශ්ණයක් තිබෙනවා ඇමරිකන් පුරවැසි භාවයත් එක්ක. නමුත් ගෝඨා දෙගිඩියාවෙන් ඉන්නවා ඇති ඇමරිකන් පුරවැසි භාවය අතහරින්න. ඒමොකද තවම පොහොට්ටුවේ මහ මොලකරු ජනපතිවරණයට ඉල්ලන්න ඔහුව නිල නොවන ලෙස නම් කර නැති නිසා. මෙහෙම ගිහින් අන්තිම මොහොතේ ලෝකෙට පෙනෙන්න ගෝඨා නම් කලාට පස්සෙ ඇමරිකන් ආන්ඩුවට පුලුවන් ඔහුගේ නිල වශයෙන් නොමිනේශන් දෙන කාලෙත් පහු වෙනකන්ම මේ ව්‍යාපෘතිය ඇදගෙන යන්න. ඒ වෙනකොට ඇමරිකාවට ගිහින්වත් මෙය කරගන්න බැරිවෙන්න බොරු නඩුවක් හරි දාල ගමන් බලපත්‍රය හිර කරගනියි. කොහොමහරි අන්තිමට දිනන්නෙ නැති කෙනෙක් තමයි මොල්ලිගොඩල ඉදිරිපත් කරන්න යන්නෙ. මොකෝ මහින්ද කිවුව කියල අපි ලෑස්තිද ඕනම කෙනෙක්ට චන්දෙ දෙන්න?

ඔන්න මෙතෙන්දි තමයි ජනතාව ඉදිරිපත් වෙන්න ඕන අවස්ථාව. අපි දැන් මහින්දයන්ට කියන්න ඕන මේක නැවත වරක් නොදිනන චන්දයක් කරගන්නේ නැතුව දැන් ඉතින් තිරේ පිටුපස ඉඳල රඟලා හරියන්නේ නෑ කියල. මහින්දයනි, අපි හිතනව ඔබ ජනහඬට කන් දෙයි කියලා. කවුරු මොනවා කීවත් අපි ඉල්ලන්නේ රට ඉල්ලන්නේ ගෝඨාවයි.

චතුර මුදලිගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More