පැන්ඩෝරා ලේඛන මගින් හඳුනාගෙන ඇති කිසියම් හෝ ධනයක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සම්පත් අවභාවිතයෙන් උපයා ගෙන තිබේදැයි සොයා බැලීම සඳහා මෙරට අභ්‍යන්තර වශයෙන් ද පුළුල් විමර්ශනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරනවා.
ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ, පැන්ඩෝරා ලේඛන මගින් හෙළිදරව් කර ඇති කරුණු පිළිබඳව මෙරට බලධාරීන් ස්වාධීන විමර්ශනයන් කඩිනමින් සිදු කල යුතු බවයි.
එමෙන්ම අදාල චෝදනාවට ලක්වන හිටපු අමාත්‍යවරියට අදාළව දැනට පවතින විමර්ශන, නීති ක්‍රියාත්මක කරන අධිකාරීන්ට සහ අධිකරණයට කිසිදු බාහිර බලපෑමකින් හෝ අතපෙවීමකින් තොරව සම්පූර්ණ කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතු බව ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනයේ ස්ථාවරයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...