දේශීය පුවත්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට බදු දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා 2003දී අත්සන් කළ ගිවිසුම නැවත දිගු කිරීමට වර්තමාන ආණ්ඩුව සැරසෙන බවට එල්ලවන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසන ලදී, මේ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්…
“ත්‍රිකුණාමලය ඉන්දු පැසිෆික් කලාපයේ ඉන්දු අමෙරිකානු යුද න්‍යාය පත්‍රය අනුව ඔවුනට ඉතා අත්‍යාවශ්‍යය උපාය මාර්ගික මර්මස්ථානයක්. ඒ නිසා එක් පැත්තකින් ඉන්දියාව තෙල් ටැංකි සංකීර්ණය අත් පත් කර ගැනීමට මාන බලනවා. අනිත් පැත්තෙන් අමෙරිකාව ඩොලර් මිලියන 3000ක ආයෝජනය පෙන්වලා ඛනිජ තෙල් පිරිපහදුවක් හදන්න ත්‍රිකුණාමලයට පය ගහන්න හදනවා. මේ ආණ්ඩුව ඊට ගොදුරු වීමේ ඉඩකඩ ඉතා වැඩියි. ඒ නිසා වෘතීය සමිති වලට විශාල කාර්යභාරයක් පැවරෙනවා ආණ්ඩුවට බල පෑම් කරලා උගුල්වලට පය තබන එක වලක්වන්න.දැනට ගත හැකි හොඳම පියවර දැන් ඉන්දියාව භාවිතා කරණ ටැංකි 14 හෝ 15 පමණක් කෙටි කාලීනව බදු දීම සහ ඉතිරි ටැංකි ආපසු ලංකා ආණ්ඩුවට ලබා ගැනීමයි.

ඉන්දු ලංකා ගිවිසුම මගින් අපේ රටේ තෙල් ටැංකි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය් කිරීමට බාධාවක් නැහැ.ඒ මගින් බාධාවන් එල්ල වන්නේ එම ටැන්කි වෙනත් පාර්ශවයන්ට දෙන්නේ නම් පමණි.ඒ නිසා දැන් ඉන්දියාව භාවිතා කරණ ටැංකි 14 හෝ 15 කෙටි කාලීන බදු ලෙස ලබා දෙන අතර ඉතිරි 85 ඛනිජ තෙල් සංස්ථාව තබා ගැනීමට බාධාවක් එල්ල වන්නේ නැහැ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More