පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන් විසි හතර දෙනාට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දුන්නා.
නීතිපතිවරයා ගොනු කළ චෝදනා පත්‍රයි මෙසේ භාර දුන්නේ.
2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුණු දේවස්ථාන සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් විසි හතර දෙනාට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා පත්‍ර අද භාර දුන්නා.
දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව අද කැදවනු ලැබුවා.
බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකරුවන්ට නීතිපතිවරයා ගොනු කළ චෝදනා පත්‍ර මෙහිදී භාර දුන්නා. එක් විත්තිකරුවෙකු කොරෝනා ආසාදිත වීම හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. නඩුව නොවැම්බර් විසි තුන් වනදා යළි කැදවන ලෙස අධිකරණය නියම කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...