දේශීය පුවත්

ගොවියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාරට බසින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගොවියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාරට බසින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසන “ගොවි හදගැස්ම” වැඩසටහනේ දෙවැනි පියවර ලෙස ලුණුගම්වෙහෙර වම්ඉවුර ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී පැවැති අධික වර්ෂාව මධ්‍යයේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැස්සට තෙමෙමින් මෙම  අදහස් ප්‍රකාශ කළේය.

ගොවියන්ගේ අස්වැන්නට නිසි වෙළෙඳපොළක් නොමැතිවීම,පොහොර සහ බීජ හිඟය, අස්වැන්න කල් තබාගැනීමේ ක්‍රමවේදයන්හි පවතින ගැටලු, මුං ඇට වගාව සඳහා දළඹුවන්ගෙන් වන හානි වැනි ගැටලු පිළිබඳව එහිදී අවධානය යොමුවී තිබේ.

අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉන් පිටව යන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමතමින් එහි සිටි පුද්ගලයෙකු සඳහන් කළේ, “සජිත් මහත්තයා මෙතන ලිස්සනවා. බලාගෙන,” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, “2019 පොඩ්ඩක් ලිස්සුවා. ඒ වුණාට ආයේ ලිස්සන්නේ නෑ,”යනුවෙනි.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More