දේශීය පුවත්

යුරෝපා සංගමයේ නියෝජිත පිරිස් සමග මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසේදී ඊයේ (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ඉතිහාසයේ කිසිදු කාල පරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ, කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

යුරෝපා සංගමයේ නියෝජිත පිරිස් සමග මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසේදී ඊයේ (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ඉතිහාසයේ කිසිදු කාල පරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ, කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයින් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව ද පෙන්වා දුන් බවයි.

මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ නිලධාරින් වෙත අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිවරයාටත් උපදෙස් ලබාදී ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවතින සංශෝධනය කළ යුතු වගන්ති කඩිනමින් සංශෝධනයට පියවර ගන්නා බව පවසා සිටි බව ජනාධිපති මාධ්‍යය අංශය සඳහන් කරයි.

මෙහිදී සිය සංචාරයේදී අධ්‍යයනය කළ කරුණු පදනම් කර ගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට ඉඩ ප්‍රස්ථාව හිමිවන බව පෙන්වාදුන් දූත පිරිස ශ්‍රී ලංකාව වෙනුවෙන් තම සහාය ලබාදෙන බවද සඳහන් කර ඇති බව වාර්තාවේ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපතිවරයා යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත් පිරිස වෙත දන්වා සිටියේ ,වර්තමානයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින එකඟතාවන්ට අනුව කටයුතු කරන බවත් රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසදා ගැනීමට සහ රට ඉදිරියට ගෙනයාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස්පෝරාවේ සිටින පිරිස් සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක්වී කටයුතු කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේදී ද තමා සඳහන් කළ බවත් ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More