ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ WP KY 3828 වාහනය අවභාවිතා කරන බවයි.
එහිදී මුසාම්මිල් මහතා වැඩිදුරටත් කියා සිටියේ 2020 සැප්තැම්බර් මාසයේ සිට අදාල වාහනය පාර්ලිමේන්තු වාහන සංචිතයෙන් මුදා ගෙන ඇති බවත් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා විසින් අදාළ වාහනය භාවිතා කරණ බවයි.
වැඩිදූරටත් කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුසම්මිල් මහතා පවසා සිටියේ අදාල වාහනය විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට වෙන්වු වාහනයක් වුවද මේ දක්වා පාවිච්චි එම වාහනය කරමින් සිටින්නේ ගයන්ත කරුණාතිලක මහතා බවයි.
අදාළ වාහනයට මසකට රුපියල් එක් ලක්ෂ දාහක් දහසක පමණ ඉන්ධන රජයේ මුදලින් ලබාගෙන ඇති බවත් ටයර් ඇතුළු සෙසු නඩත්තු කටයුතු ද රජයේ වියදමින් සිදුකර ඇති බවත් මොහොමඩ් මුසම්මිල් මහතා පවසා සිටියේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට වෙන්වූ වාහනයක් වෙනත් මන්ත‍්‍රීවරයෙකුට මෙසේ පාවිච්චි කිරීමට කිසිදු අයිතියක් නැතැයි පවසන මුසම්මිල් මහතා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා පවසන ගණන් හිලව් වලට අනුව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා මසකට කිලෝ මීටර 9000ක් පමණ ධාවනය කර ඇත. එලෙසම මෙතරම් දුර ප්‍රමානයක් සැබෑ වශයෙන්ම ඔහු මෙම වාහනය භාවිතා කළේ නම් දළ වශයෙන් සෑම දිනකම සමස්ථ දිනයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් වාහනය තුළම ගයන්ත කරුණාතිලක මහතා ගත කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...