දේශීය පුවත්

ශාක – සත්ව ජාන සංවාරයක් කළ උඩරට කැරැල්ලට වැඩි විනාශයක්, උඩරට ආහාර වගාවට ආණ්ඩුවේ පොහොර – කෘෂි රසායන තහනම නිසා සිදු වන

බවට හිටපු ආණ්ඩුකාරවරයකු අනතුරු අඟවා සිටියි.

ඔක්තෝබර් කන්නයේ වැසි ආරම්භවීමත් සමඟම උඩරට බෝංචි, ගෝවා, කැරට් ඇතුළු සියළුම එළවළ වර්ග දිලීර රෝග හේතුවෙන් විනාශයට පත්වෙමින් ඇතැයි ද හෙතෙම සඳහන් කර සිටියි.

මෙම අනාවරණය සිදුකර ඇත්තේ, දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ඔක්තෝබර් වගා කන්නයට ඇරඹීමට අවශ්‍ය ප්‍රමිතියක් සහිත කෘෂි රසායන විවෘත වෙළෙඳපොළේ අලෙවියට පියවර ගන්නා ලෙස හිටපු ආණ්ඩුකාරවරයා රජයෙන් ඉල්ලා සිටියි.

ඔහුගේ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ඔක්තෝබර් වැසි සමයේ මීදුම සහ දවසේ වැඩි කාලයක් දැඩි තෙතමනය සහිත තත්වය හේතුවෙන් දිලීර රෝග ව්‍යාප්තවීමේ වැඩි ඉඩක් තිබේ.

වැලිමඩ රත්කරව්ව, බොරලන්ද, උඩුබාදන, ගවරම්මාන ප්‍රදේශවල බෝංචි වගාව දිලීර නාශක නොමැති කමින් විනාශ වී ඇති අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.

1818 උඩරට කැරැල්ලේ දී සුද්දෝ ගෙඩි හැදෙන සියළුම ගහ කොළ විනාශ කළා. දැන් කෘෂි රසායන තහනම උඩරට සියළු කෘෂි වගා බිම් විනාශ කරනවා.

කෘමි නාශක නැතිව ගෝවා, බටු, මාළුමිරිස්, බෝංචි වගාව විනාශ වෙනවා.

දිලීර නාශක නැතිව බෝංචි, කැරට්, සලාද, අර්තාපල් විසිතුරු මල් යායවල් පිටින් විනාශ වෙනවා.

දියරය පොහොර, පෝෂණ ද්‍රව්‍ය නැතුව ග්‍රීන් හවුස්, විනාශවෙනවා.

රජයේ කාබනික වගා සංකල්පය යටතේ මිනිසාට හිතකර, අහිතකර සියළුම කෘෂිරසායන තහනම් කර ඇත.

කොපු අංගමාරය, කොළ පාළුව, දුඹුරු පුල්ලි රෝගය, පුස් වර්ග, මැලියම් වෑස්සීම අතුළු කිසිදු රෝගයක් පාලනයට අවශ්‍ය දිලීර නායක විවෘත වෙළෙඳපොලේ නැත.

ඉන්දියාවෙන් බෝට්ටු මගින් ගෙන්වන දිලීර නාශක වර්ග කළු කඩයේ වෙළෙඳපොල මිලට වඩා සිව් ගුණයකට විකුණනු ලබයි.

රු. දෙදෙහස් පන්සීයට තිබු බෝංචි කරල්වල පුල්ලි මර්ධන දිලීර නාශක රු. හත්දහස් අටසීය කි. ඒවායේ මිල දරාගත නොහැකි බැවින් ගොවීන් දිලීර නාශක යෙදීමෙන් වැලකී සිටී.”

දිලීර රෝග හේතුවෙන් දින දෙක තුනකදී සම්පූර්ණයෙන්ම වගා බිම් විනාශයට පත් වේ. අස්වැන්න අහිමිවී යයි. දිලීර ආසාදනය වූ එළවළු හා පළතුරු වර්ග ඉක්මනින් කුණු වී යන අතර පාරිභෝගිකයින් මිලදී ගැනීමට අකමැත්තක් දක්වයි.

වැලිමඩ බෝංචි වගාවේ 50% ට වැඩි අස්වැන්නක් වගා බිම තුල විනාශ වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More