ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට තෙල් ටැංකි නීරීක්ෂණය සදහා පැමිණියේ කූඨ ගණුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමට බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
ත්‍රිකුණාමලය පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ඉතිරි තෙල් ටැංකි කිහිපයත් පවරා ගැනීමේ අරමුණින් ඔහු දිවයිනට පැමිණ ඇති බවටයි උන්වහන්සේ චෝදනා කරන්නේ.
සෝභිත හිමියන් සඳහන් කළේ, ඉන්දියාවට ඉතිරි තෙල් ටැංකි 85 ත් භාරදීමට සූදානම් වන බවට කරුණු වාර්තා වන බවයි.
තව ද උන්වහන්සේ විමසා සිටින්නේ, රටේ සම්පත් මේ තරම් කුණු කොල්ලයට විකිණීමට වත්මන් පාලකයන්ට ඇති අයිතිය කුමක් ද යන්නයි.
”ඉන්දීය විදේශීය ලේකම්වරයා තෙල් ටැංකි පරීක්ෂා කරන්න මේ ඉදිරිපත් වෙන්නේ කූඨ ගනුදෙනුවක් සම්පුර්ණ කරගැනීමට වාර්තා වන කරුණු අනුව මේ සූදානම් වෙන්නේ ඉන්දියාවට ඉතිරි තෙල් ටැංකි 85 ත් භාරදෙන්න. රටේ සම්පත් මේ තරම් කුණු කොල්ලයට විකුනන්න වත්මන් පාලකයන්ට තියෙන අයිතිය මොකක්ද ? මේක ඉතාමත් සහගහන අපරාධයක් මේ අත්තනෝමතික දුර්දාන්ත ජාතික වස්තු මංකොල්ලයට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතුයි. කොයි තරම් කරුණු කිව්වත් ජනාධිපතිතුමන්ට ඒ කරුණු ඇහෙන බවක් නැහැ. එහෙමනම් අපිට හිතෙන්නේ කුමක්ද? මොවුන්ට අනාගතයේ මේ රට පාලනය කිරීමේ දේශපාලනය කිරීමේ ආශාව අතහැරල ද මේ කටයුතු කරන්නේ. ඇෆ්ගනිස්ථානයට සිදුවුණු දේද? මේ වෙන්නේ. ඉතියෝපියාවට, සෝමාලියාවට සිදුවුනු දේද මේ වෙන්නේ”
ඊයේ කෑගල්ලේදී මාධ්‍ය හමුවක් කැදවමින් ඕමල්පේ සෝභිත හිමියන් මෙම අදහස් පළ කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...