දේශීය පුවත්

යොහොනි ද සිල්වා ලොව පුරා ජනප‍්‍රිය වීමත් සමඟ කොටි හිතවාදී කණ්ඩායම් ඇයට එරෙහිව විවිධ ප‍්‍රචාර පැතිරවීම ආරම්භ කර තිබේ. කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයන් ට්විටර් හරහා මෙවැනි ප‍්‍රකාශ පළකර තිබේ.

ශ‍්‍රී ලංකාවේ හා ඉන් පිටත සිටින ඊළාම් දෙමළ ජනතාව යොහානිද සිල්වාට සහය නොදිය යුත්තේ ඇගේ පියා යුද අපරාධකරුවකු නිසා බව එක් ට්විටර් පණිවුඩයක සටහන් විය. තවත් පණිවුඩයක සඳහන් වූයේ යුද අපරාධකරුවෙකුගේ දියණියක වන යොහානිගේ ජනපි‍්‍රයතාවය බරපතළ ප‍්‍රශ්නයක් බවයි.

කොටි හිතවාදී කණ්ඩායම් මෙවැනි ප‍්‍රකාශ සිදුකරන්නේ කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන් යොහානිට වසඟවී ඇති නිසාය. ඉන්දියාවේ දකුණු දිග ප‍්‍රාන්තවල තමිල්නාඩුවේ කේරළයේ පවා මැණිකේ මගේ හිතේ ගීතය ඉමහත් ජනපි‍්‍රය වී ඇත.

යොහානි දිල්ලියේ මෙන්ම හයිද්‍රාබාදයේ ද පැවැත්වූ ප‍්‍රසංග ඉතා සාර්ථක වී තිබේ.

කොටි හිතවාදී සුළුතරයකගේ ප‍්‍රචාර දෙස් විදෙස් හී වෙසෙන කෝටි සංඛ්‍යාත යොහානිගේ රසිකයන් පිළිනොගන්නා බව පැහැදිලිය.

අපේ රටට අභිමානය ගෙනදෙන යොහානිගේ පියා අපේ රටට අද්විතීය මෙහෙවරක් ඉටුකළ සෙන්පතියෙකු වීම දෙමළ ඩයස්පෝරාවේ මේ නෝක්කාඩුවට හේතු වී තිබේ.

මේ අතර දිල්ලියේ සංගීත ප‍්‍රසංගය අතරතුර ගිටාරය මුහුණේ වැදීම නිසා තමා සුළු අනතුරකට මුහුණ දුන් බව යොහානි සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණි.

එම ට්විටර් පණිවිඩ කිහිපයක් පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More