දේශීය පුවත්

ඔක්තෝබර් 06 වැනි දිනට යෙදී තිබෙන ලෝක ගුරු දිනයට රට පුරා විදුහල්පතිවරුන් සිය පුද්ගලික නිවස ඉදිරිපිට කළු කොඩ් ඔසවා විරෝධතාවක් දක්වන බව ලංකා විදුහල්පති සංගමය සඳහන් කරනවා.

රටපුරා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 11,200ක් පමණ සිටින අතර ඔවුන් එම විරෝධතාවයට එක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසුවා.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව විසඳන ලෙස බලකරමින් එම විරෝධතාව ආරම්භ කරන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම කොවිඞ් වසංගතය අවසන් වන තුරු රුපියල් 7,500 දීමනාව ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ලබන සිකුරාදා (08) එක්දින වැඩවර්ජනයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

වෘත්තීය සමිති 40 ක සහභාගීත්වයෙන් 08 වැනිදා දවස පුරා සේවයෙන් ඉවත්වී සිටීමට අමතරව උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද රට පුරා කි‍්‍රයාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා පැවසීය.

කොවිඞ් වසංගතය අවසන් වන තුරු රුපියල් 7500 දීමනාව ලබානොදීම, අතිකාල නිවාඩු දින ගෙවීම් සීමාවන් ඉවත් නොකිරීම, සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් නොකිරීම, බහුකාර්ය සංවර්ධන බළකා සේවකයන් සෞඛ්‍ය ආයතනවලට අනුයුක්ත කිරීම නතර නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම එක්දින වැඩවර්ජනය සිදුකරන බවද රත්නපි‍්‍රය මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More