දේශීය පුවත්

විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වකින් ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, පැන්ඩෝරා ලේඛන (Pandora Papers) ලෙස නම් කර ඇති මෙම ලිපි ගොනුවල වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් බවයි.

ලොව පුරා ක්‍රියාත්මක බදු වංචා පිළිබඳව දත්ත ඇතුලත් වන පැන්ඩෝරා පත්‍රිකාවල ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක සහ රාජපක්ෂ පවුලේ සාමාජිකාවක වන නිරූපමා රාජපක්ෂගේ නම ද සඳහන් බව විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (ICIJ) කියයි.

ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සමග එක්ව ඇය ව්‍යාජ සමාගමක් (shell company) පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා කියයි.

නඩේසන් වෙනත් බදු සහන සහිත ස්ථානවල සමාගම් විවෘත කර ඒ හරහා ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කරන විදෙස් සමාගම්වලින් උපදේශක කොන්ත්‍රාත්තු ලබාගැනීමට සහ වටිනා කලාකෘති මිලට ගැනීමට කටයුතු කළ බව ද සඳහන් ය.

2018 දී එවන් සමාගමක් වූ පැසිෆික් කොමොඩිටීස් විසින් චිත්‍ර සහ වෙනත් දකුණු ආසියාතික කලා නිර්මාණ 31 ක් ස්විට්සර්ලන්තයේ අධි ආරක්ෂිත ගබඩාවක් වන ජිනීවා ෆ්‍රීපෝර්ට් වෙත යවා තිබෙන බව ද විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව කියයි.

සිංගප්පූරුවේ පිහිටි ආසියාසිටි භාරය (Asiaciti Trust) නම් සමාගම වෙත 2011 දී ඊමේල් පණිවිඩයක් යවන නඩේසන්ගේ උපදේශකයකුට අනුව ඒ වෙද්දී නඩේසන්ගේ වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 160 ඉක්මවූ බව සඳහන්ව තිබේ.

මෙම අගය වෙනත් ස්වාධීන ක්‍රමයකින් තහවුරු කරගත නොහැකි වූ බව ICIJ ය කියයි.

ආසියාසිටි භාරය විසින් නඩේසන්ගේ ඇතැම් සමාගම් පරිපාලනය කළ බවත් ඒවායේ වත්කම ඩොලර් මිලියන 18 ක් පමණ වන බවත් ICIJ ය කියයි.

2016 දී නඩේසන්ට එරෙහිව ශ්‍රී ලංකාවේදී අධිකරණ ක්‍රියාමාර්ග ඇරඹුණු පසු ද මෙම සමාගම ඔහු සමග ගනුදෙනු කළ බවයි ICIJ ය පෙන්වා දෙන්නේ.

නඩේසන් සහ නිරූපමා රාජපක්ෂ තමන් විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු නොදුන් බව ද ICIJ ය කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More