දේශීය පුවත්

පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පළාත් ආණ්ඩුකාරවරු අතර සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල දී පැවැත්වුණ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මහතා පවසනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස අදියර කිහිපයක් යටතේ, සෞඛ්‍ය අමත්‍යාංශයේ උපදෙස් මත මෙම මස පාසල් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන අතර ඒ අනුව පළමු අදියර ආරම්භ කිරීම පිළිබඳ වූ නිගමනයට, අධ්‍යාපන අමාත්‍යවරයා සහ සියලු පළාත් ආණ්ඩුකාරවරු 2021.10.02 වන දින එළඹුණා.

එම සාකච්ඡාව අනුව යටිතල පහසුකම් සැපයීම පිළිබඳ ආණ්ඩුකාරවරු විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා

ඊට හේතුව වනුයේ මේ වන විට කාලයක් භාවිතයට නොගැනීම හේතුවෙන් පාසල් පරීක්ෂය, පන්ති කාමර, ඩෙස් පුටු, උපකරණ අපවිත්‍ර වී තිබීමයි.

එබාවින් ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආරම්භ කිරීමට යෝජිත පාසල් පරීක්ෂයන්, පන්ති කාමර, ඩෙස් පුටු, උපකරණ පිරිසිදු කිරීම සඳහාත් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාත් පළාත් ආණ්ඩුකාරවරුන් මැදිහත්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

සිසුන් 200ට අඩු පාසල් වල 1 සිට 5 දක්වා ප්‍රාථමික ශ්‍රේණිත්, සිසුන් 100ට අඩු පාසල් වල සියලු ශ්‍රේණි සහ තවත් තෝරාගත් නිර්ණායක කිහිපයක් යටතේ පාසල් 3000ක් පමණ ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මහතා පවසන්නේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More