දේශීය පුවත්

අසල්වැසියෝ, දත්කැකුළු පාලා ආදී මුල් කාලීන ටෙලි නාට්‍ය ගණනාවකින් දක්ෂතාවයන් ප්‍රකට කළ රංගන ශිල්පිණී සමන්තා ඈපාසිංහ ඊයේ (03) දින අභවප්‍රාප්ත වූ බව වාර්තා විය.

කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගිය බවයි වාර්ථා වන්නේ.

කෙළි මඩල, රජෙක් වගේ පුතෙක්, සයනයේ සිහිනය, විජය ගීතා, ලොකුදුව, ඇයි ඔබ තනිවෙලා, සිහින විමානේ රාජ කුමාරි, පුතුනි මට වාසනා, ඇතුළු චිත්‍රපට රැසකට ද ඇය සිය රංගන දායකත්වය ලබාදී ඇති අතර වේදිකා නිලියක ලෙසද නටයුතු කර තිබේ.

රජෙක් වගේ පුතෙක් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1993 වසරේදී හොදම නැගී එන නිළිය ලෙස සරසවි සම්මානය දිනා ඇත

කෙසේ වෙතත් ඇය 2001 දී පමණ එංගලන්තයේ පදිංචියට ගිය හෙයින් ටෙලි නාට්‍ය කලාවෙන් ඉවත්වූ අතර 2011 ඇය නැවත සිය රට පැමිණියේ ඇයට විදේශයේදී හටගත් රෝගී තත්ව කිහිපයකට ප්‍රතිකාර ලබමිනි.

අනතුරුව දිගටම ශ්‍රී ලංකාවෙහි රැඳුණු ඇය විවාහ ජීවිතයට පිවිස තිබුනේ නැති අතර ජීවත් වූයේ ඇයගේ මව සමගිනි.

මියගිය සමන්තාගේ අවසන් කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුව සිදු වී ඇති බවයි වැඩිදුරත් වාර්ථා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More