සම්බන්දන්ලාට ස්‌වයං නිර්ණ අයිතිය ලබා දීමට ඒකග බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර ගුණරත්නම් මහතා සතිඅන්ත පුවත්පතකට පවසයි.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ජාතික ප්‍රශ්නයේදී දරන ස්‌ථාවරය කුමක්ද? යනුවෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ගුණරත්නම් මහතා මේ බව පවසා තිබුණි.
එහෙම විරෝධයක් තිබෙනවනම් 1982 දී ඔබ සිටි පක්‍ෂයේ නායක රෝහණ විඡේවීර සහෝදරයා විධායක ජනාධිපතිවරණයේදී තරග කරන්නෙ ඇයි?
ඒ අවස්‌ථාවේ රෝහණ සහෝදරයා ජනාධිපති වීම සඳහා ඉදිරිපත් වුණා නොවෙයි. දැන් පහුගිය ජනාධිපතිවරණයේදී පෙරටුගාමි සමාජවාදී පක්‍ෂය විදියට අපි දුමින්ද නාගමුව සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා. අපි දැනන් හිටියා අපිට විශාල ඡන්ද ප්‍රමාණයක් හම්බවෙන්නෙ නැති බව. නමුත් අපි ඉදිරිපත් වුණා. එතැනදී අපි ඉදිරිපත් වුණේ මේ බලය සහ මුහුණු මාරු වීමක් පමණයි සිද්ධ වෙන්නේ, පරණ ආර්ථික වැඩපිළිවෙළ එහෙමම යනවා, පරණ දේශපාලන වැඩපිළිවෙළ එහෙම යනවා කියන කාරණා ජනතාවට කියන්න වේදිකාවක් ලෙස මැතිවරණය භාවිත කරන්න. ඒ නිසා වාමාංශික පක්‍ෂයක් මැතිවරණයකට ඉදිරිපත් වීමේ විවිධ තේරුම් තියෙනවා. රෝහණ විඡේවීර සහෝදරයත් ඒ අවස්‌ථාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණෙත් එදා ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ව්‍යවස්‌ථාවක් හඳුන්වා දුන්න වෙලාවේ ඒ ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා ඒක වේදිකාවක් ලෙස පාවිච්චි කරන්න.
උතුර නැගෙනහිර සම්බන්ධව ඇතිව තිබෙන ජාතික ප්‍රශ්නයේදී ඔබ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළා. ජවිපෙය එක් කාලයකදී ස්‌වයං නිර්ණ අයිතිය පිළිගත්තා. පසුව එම ස්‌ථාවරය වෙනස් කර මේ රට බෙදා වෙන් නොවිය යුතුයි කියන දේශප්‍රේමි ස්‌ථාවරයට පැමිණියා. දැන් ඔබ නියෝජනය කරන පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ජාතික ප්‍රශ්නයේදී දරන ස්‌ථාවරය මොකක්‌ද?
ඔව්. අතීතය පැත්තකින් තියල පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විදියට කිව්වොත් ලෝකයේ විවිධ ජාතීන් අතර ප්‍රශ්නවලදී සමාජවාදී ව්‍යාපාර, ස්‌වයං නිර්ණ අයිතිය සඳහා ජාතීන් සතු අයිතිය කියන ස්‌ථාවරයේ සිට කටයුතු කර තිබෙනවා. ඒක තවමත් වාමාංශික ව්‍යාපාරයේ මාක්‌ස්‌වාදී සාහිත්‍යය තුළ වලංගු ස්‌ථාවරයක්. ඒක කල් ඉකුත් වූ හෝ අත්හැර දැමූ ස්‌ථාවරයක් නෙවෙයි. හැබැයි ඒක කොයි කොයි රටවල්වලට මොන මොන විදියට ගැළපෙනවද කියල වෙනමම අධ්‍යයනයක් කරල සාකච්ඡාවට ගන්නවා. ඒක රටින් රටට පවතින ප්‍රශ්නය අනුව වෙනස්. පලස්‌තීනයට ඊශ්‍රායලය කරන බාධා කිරීම් මැද්දේ තමුන්ගේ රට වෙච්ච පලස්‌තීන ජනතාවට වෙනමම තමුන්ගේ පලස්‌තීන රාජ්‍යයක් ගොඩනැඟීමේ අයිතිය තියෙනවද කියල අපි දරන ස්‌ථාවරයයි ලංකාවේ අපි සියලුම ජාතීන් එක්‌ව කෙසේ හෝ සමාජවාදී රාජ්‍යයක් කරා යනවා කියන එකයි අතර වෙනසක් තියෙනවා. එය තීරණය වෙන්නේ ඒ ඒ රටවල් වල තියෙන තත්ත්වයන් අනුව. ස්‌වයං නිර්ණ අයිතිය කියන්නෙ තවමත් වලංගු ස්‌ථාවරයක්. හැබැයි ලංකාවේ සිංහල හෝ තමිල් හෝ මුස්‌ලිම් විදියට වෙන රාජ්‍ය හදන එක නෙවෙයි පිළිතුර වෙන්නේ. මේ සෑම ජාතියක්‌ම එකතුවෙලා මේ ධනේශ්වර පාලනය වෙනස් කිරීමයි පිළිතුර වෙන්නේ.
ඒ පිළිතුර යථාර්ථයක් කර ගන්න ඔබලට වැඩපිළිවෙළක් තියෙනවද?
ඔව්. අපිට පැහැදිලි වැඩපිළිවෙළක් ස්‌ථාවරයක් තියෙනවා. ජාතික ප්‍රශ්නය ලංකාවේ දැනටත් තියෙනවා. අපි ජාතිවාදයෙන් බැට කාපු ජනතාවක්. අපි දන්නවා සිංහල, දමිළ මුස්‌ලිම් ධනේශ්වර දේශපාලනඥයෝ මේ ජාතිවාදය තමන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහා පාවිච්චි කරනවා. ජාත්‍යන්තරය අපේ රටේ මේ ජාතික ප්‍රශ්නය වර්ධනය කරන්න මැදිහත් වීම් සිද්ධ කරනවා. ඉතිං මේකට තියෙන එකම පිළිතුර අපේ රටේ පොදු මහජනතාව අතරේ ඒකාබද්ධතාවක් ඇති වෙන්න ඕන. හැබැයි සුළුතර ජාතීන්ට සුළුතරය වීම නිසා ජාතික පීඩනයක් තියෙනව කියලා අපි පිළිගන්නවා. තමිල් මිනිහට තමිල් වීම නිසා ජාතික පීඩනයක් තියෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...