දේශීය පුවත්

තම කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට හානි සිදු කළේ යැයි පවසමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලමින් ධුරයෙන් ඉල්ලා අස් වූ හිටපු පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තුෂාන් ගුණවර්ධන මහතාට ලිපියක් යවා තිබේ.

අමාත්‍යවරයා එමගින් සඳහන් කර ඇත්තේ සුදු ලූනු ආනයනය හා බෙදාහැරීමේදී වංචාවක් සිදුවී ඇතැයි ඔහු විසින් පැවසීම හේතුවෙන් තම කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට හානියක් සිදු වී ඇති බවයි.

එම මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම් එය අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ලිපියේ සඳහන් වෙයි.

මේ අතර බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ අදාළ වංචාවට තම නම ද ඈඳා ගමන ගනිමින් දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් සාධාරණයක් ඉටු නොවූවොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ද ඒ මහතා කියා සිටියේය.

අදාළ වංචාවට තමන් හෝ තම පවුලේ කිසිවකු සම්බන්ධව ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තුවෙන් ද අමාත්‍ය ධුරයෙන් ද ඉවත් වනවා පමණක් නොව සදහටම ලාංකීය දේශපාලනයෙන් සමු ගන්නා බවද ඔහු සදහන් කලේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More