ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ක්‍රමනාකූලව සෞඛ්‍ය රීතින්ට අනුකූලව එම කටයුතු සිදුකළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු විමධ්‍යගත ප්‍රතිපාදන මත මහරගම මාදිවෙල ග්‍රාමීය ජනතා පොළේ ඉදිකිරීම් ආරම්භ කරමිනි. මේ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍යවරයා,
“මේ මාසය ඉකුත්වීමට පෙර ක්‍රමානකූලව අඩියෙන් අඩිය අපේ රටේ ප්‍රාථමික පාසල් විවෘත කිරීමට පුළුවන් කියන ඉලක්කයට අපි ගමන් කරනවා කියන එක මේ දිනයේ දී ප්‍රකාශ කරන්න ඕනේ. ක්‍රමානුකූලව සෞඛ්‍ය රීති අනුව සුද්ද පවිත්‍ර කරලා, අදියරයෙන් අදියර පාසල් විවෘත කරන්න පුළුවන් කියන ඉලක්කයට අපි වැඩ කරනවා”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...