ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ (02) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝකාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සැරසෙන නමුත් තමන් එම ප්‍රයත්නය පරාජය කරන බවයි.
එහිදී වෘත්තිය සමිති පැවසුවේ ඉන්දියානු විදේශ ලේකම්වරයා මෙරටට පැමිණෙන්නේ ද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බවය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමට එරෙහිව සංවිධාන කළ මාධ්‍ය හමුවට ඛනිජ තෙල් සංස්ථාවේ සියලු වෘත්තිය සමිති එක්ව සිටීම විශේෂත්වයකි.
වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලී සේවක සංගයේ, බන්දුල සමන් කුමාර මහතා අදහස් දක්වමින්,
“මේ මොහොත වනවිට චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය නැවත වතාවක් ඉන්දියාවට බදු දිමට ආණ්ඩුව මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නවා. මේ අවස්ථාව වන විට විෂය භාර අමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ අමාත්‍යවරුන් ගණනාවක් ඒ වගේම ඉන්දියන් ඔයිල් සමාගමේ නිලධාරීන් චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක, නිරතවෙනවා කියන කාරණය ගැන අපිට තොරතුරු ලැබිලා තියෙනවා.” පැවසුවේය.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, සභාපති, ජගත් විජේගුණරත්න මහතා “අපිට තියෙන ප්‍රශ්නේ, ඇයි ඉන්දීය විදේශ ලේකම්තුමා හදිසියේ ම ත්‍රිකුණාමලයේ යන්නේ. අපේ විෂයභාර ඇමතිතුමත් එහෙ ගිහින්.” යනුවෙනි.
ජාතික සේවක සංගමයේ, උපසංවිධායක ආනන්ද පාලිත මහතා ,
“එක්සත් ජාතික රජය කාලයේ ලේකම් එන්නේ තෙල් ටැංකි ගිවිසුම දීර්ඝ කරන්න. ටැංකි සංකීර්ණයේ ටැංකි 16ක් ඉහළාංගනයේ ටැංකි 60ක් ඇතුළු මුහුදු භූමියේ තියෙන බංකර්භූමිය අවුරුදු 50කට ත් බදු දෙන්න යන්නේ.” යනුවෙන් පැවසුවේය.
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අතර,
ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවට අමතරව, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට ද නියමිත බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...