දේශීය පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටනකට සහභාගි වෙමින් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමණායක මහතා පවසා සිටියේ තමා කිසිදිනක පැලවත්ත කිරි සමාගමේ නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළෙඳ දැන්වීම් කර නැති බවත් තම නිෂ්පාදන භාවිතා කරණ ශ්‍රී ලාංකිකයා ලබා දෙන ප්‍රචාරය මගින් තම සමාගමේ කිරි නිෂ්පාදන දිනෙන් දින වැඩි වැඩියෙන් ජනතාව භාවිතා කරණ බවයි.

මේ රටේ කිරි දෙන එළදෙනුන් ලක්ෂ 13ක් සිටින බවත් සුද්දා මේ රට නිදහස් කරණ විට පිට රටින් ගෙනෙන කිරි වලට 15% කට වඩා බදු පැනවිය නොහැකි බවට නීතියක් පනවා ගිය බවත් අදත් මේ රටේ පත් වෙන සියලු ආණ්ඩු එම සීමාවෙන් පිටතට නොයන බවත් මේ ආණ්ඩුව එම 15% බද්දවත් පනවන්නේ නැති බවත් පවසා සිටියේය.

ලංකාවේ කිරි හරක් ලක්ෂ 13න් තවමත් කිරි දොවා ගන්නේ කිරි දෙනුන් ලක්ෂ දෙකහමාරකින් බව පැවසූ ආරියශීල වික්‍රමනායක මහතා තවත් ලක්ෂ දහයක කිරි දෙනුන් ප්‍රමාණයක් අපේ කිරි ගොවියාට කිරි ලබා දීමට බලාගෙන සිටින බවත් පවසා සිටියේය.

එම කිරි දෙනුන්ගේ කිරිද පැලවත්ත කිරි සමාගම ලබාගෙන කිරි ආශ්‍රිත නිෂ්පාදන පිටරටවලට යැවීමටද කටයුතු කරණ බව පවසා සිටියේය. රටේ පැලවත්ත සමාගමද ඇතුළුව සමාගම් 15කගේ පමණ කිරි නිෂ්පාදන තියෙද්දී රට කිරිපිටි වලින් කඩවල් වල රාක්ක පුරවා ඇති බවද අවධාරණය කළේය.

එම රාක්ක වල පුරවා ඇති කිරි පිටි යැයි කියන නිෂ්පාදන මැලේසියාවෙන් ගෙන එන කටුපොල්තෙලුත් අමෙරිකාවෙන් ගෙන එන ලැක්ටෝසුත් කවලම් කර කිරි හරක් නැති රටකදී කිරි පිටි බවට පත් කර අප රටට එවන බව පවසා සිටියේය.

පැල්වත්ත සමාගම කිරි ලීටරයකට රුපියල් 100ක් ලබාදී කිරි ගොවියාගේ කිරි මිලදී නොගන්නේ නම් පාර්ලිමේන්තුවේ ඉන්නා මන්ත්‍රීවරු 225ටම පාර්ලිමේන්තු එන්න වෙන්නේ කිරිනාගෙන බවද අවධාරණය කර සිටියේය.

අල, ළුෑනු, කිරි පිටි, සැමන් ඇතුළු වැඩකට නැති රොඩු ආනයනය නවත්වන්නේ නම් මෙරටට ඩොලර් මිලියන 1800ක් ඉතිරි කර ගත හැකි බවද ආරියශීල වික්‍රමනායක මහතා පෙන්වා දුන්නේය.

සම්පූර්ණ වීඩියෝව පහතින්…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More