සමගි ජන බලවේගයේ පක්ෂ ආරංචි මාර්ග වලට අනුව එම පක්ෂයේ මන්ත්‍රිවරුන් පනස් තුන් දෙනා කොටස් පහකට බෙදී වෙන්ව කටයුතු කිරීම නිසා පක්ෂය තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තාවේ.
මීට හේතුවී ඇත්තේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම්, කළමනාකරණ කමිටු, දේශපාලන මණ්ඩලවලදී ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක නොකර සිය තනි මතයට කටයුතු කිරීම බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් කරුණු නොවිමසා කටයුතු කිරීම තවත් ගැටලුවක් වන අතර ඒ බව අවස්ථා ගණනාවක දී සාකච්ඡා කළද තනි තීරණ ගැනීම වෙනස් වී නොමැති බවටද ඔහුට චෝදනා එල්ල වන බවද කියෑඉ.
එතුමාගේ එම ක්‍රියා කලාපයට එරෙහිව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා දැඩි විවේචනයක් එල්ල කළ අතර ඇතැම් මන්ත්‍රිවරු පක්ෂයේ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවී සිටින බවද එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි. බදුල්ල දිස්ත්‍රික් නායකත්වය සම්බන්ධයෙන් චමින්ද විජේසිරි, රවින්ද්‍ර සමරවීර අතර මෙන්ම රත්නපුර දිස්ත්‍රික් නායකත්වය සම්බන්ධයෙන් තලතා අතුකෝරාල හා හේෂා විතානගේ අතරද මත ගැටුමක් පවතින බවද වැඩිදුරටත් වාර්තාවේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ආසනයේ සංවිධායක ධුරය පිළිබඳව තලතා අතුකෝරාල හා හේෂා විතනගේ මන්ත්‍රිවරුන් අතර ඇතිවී තිබෙන මත ගැටුම මෙම තත්වය වැඩි දියුණු වීමට බලපා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක ” 43 සේනාංකය” සමග දේශපාලන කටයුතුවල නිරතවන අතර ඔහු සමගද මන්ත්‍රිවරුන් කිහිප දෙනකු කටයුතු කිරීම ස්ජබය තුළ මතු වී ඇති ගැටලු තීව්‍ර කිරීමට හේතු වී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත පවසා සිටී. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු සමග සමීපව කටයුතු කරන අතර එම සංඛ්‍යාව දහයකට අධිකය. ටවද සමගි ජන බලවේගයේ සාමාජික මුස්ලිම් සහ දෙමළ පක්ෂවල නායකයන්ද සිය පක්ෂවල දේශපාලන කටයුතුවල වෙනවෙනම නිරතව සිටීමද දකින්න්නට ලැබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...