ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටින්නේ කිසිදු විදේශීය රටකට මෙරටට එල් එන් ජී සැපයීමේ ඒකාධිකාරිය ලබාදිය යුතු නැති බවයි.
එහිදී ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පවසා සිටියේ තමන්ගේ ස්ථාවරය පැහැදිලිවම කැබිනට් මණ්ඩලයේ දී දැනුම් දුන් බවත් , රටක ස්වාභාවිකව ද්‍රවකෘත වායු සැපයීමේ ඒකාධිකාරය වෙනත් රටකට පැවරිය යුතු නැති බව තම ස්ථාවරය වන බවත්ය.
ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයටත් විදුලිබල අමාත්‍යාංශයටත් කරුණු ඉදිරිපත් කර දැනුවත් කිරීම සිදුකරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ සහෝදර පක්ෂ කිහිපයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...