Uncategorized

ගොවීන්ට අවශ්‍ය ඇවිදින මන්තීරු නොව ඔවුන්ගේ නිෂ්පාදන වැඩි දියුණුවට අවශ්‍ය පහසුකම් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) දඹුල්ලට පැමිණ එම සංකීර්ණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

දඹුල්ල නගර මධ්‍යයේ ඉදිවෙමින් පවතින උෂ්ණත්ව තෙතමන පාලනය කිරීමේ ගබඩා සංකීර්ණය කඩිනමින් ජනතාවට ඉදිකර දෙන්නැයි ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුත්තන්ගේන් ඉල්ලා සිටිනවා.

මේ සඳහා තමන් පෞද්ගලිකව ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 300 ක් ලබා ගෙන ඉතිරි මුදල වන රුපියල් මිලියන 225ක් එවකට තමන් සිටි අමාත්‍යාංශයෙන් වෙන් කොට තිබෙනවා. නමුත් විවිධ හේතූන් මත මෙම ඉදි ඉදිකිරීම් කටයුතු නිසි කල්ට අවසන් වී නැහැ.

ජනාධිපතිවරයා බලයට පත්ව වසර දෙකක පමණ කාලයක් ගත වී ඇතත් මුදල් ලබා දී තිබෙන මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවීම ගොවීන්ට සිදු සිදුකරන මහා අපරාධයක්.

ගොවීන්හට අමුඩය ගසා ඇවිදින මන්තීරුවල ඇවිදීමට වඩා තම නිෂ්පාදන මේ ස්ථානයේ තබා ගෙන ඉහළ මිලකට අලෙවි කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා දී තිබෙනවා.

මේ වන විට ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පිට රටවලින් ගෙන්වා වරායේ ගොඩගසා තිබෙනවා. ලබා දී ඇති මුදල් ගෙවා එම ඉදිකිරීම් ද්‍රව්‍ය නිදහස් කොට ලබා දෙන්නේ නම් තවත් මාස දෙකක් ඇතුළත මෙය ජනතාවට ලබාද දීමට හැකියි.

තමන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුවද තමන් මෙම සංවර්ධන යෝජනා වලට ඕනෑම සහයෝගයක් ආණ්ඩුවට ලබා දීමට කැමති. අවස්ථා ගණනාවක් පාර්ලිමේන්තුවේ මෙන්ම වර්තමානයේ විෂය භාර අැමැතිවරයාට පවා තමා පෞද්ගලිකව කතා කොට මෙහි ඉදිකිරීම් අවසන් කරන ලෙස ඉල්ලීම් කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More