දේශීය පුවත්

ලිට්‍රෝ ආයතනය පසුගිය මාස 9 තුළ මිල වැඩි නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 10,500ක අලාභයක් ලබා ඇතැයි ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව සඳහන් කර ඇත්තේ, ආයතනය මුල්‍යමය වශයෙන් දැඩි අසීරු තත්ත්වයකට පත්වී ඇති බවය.

නොවැම්බර් මාසය වන විට භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොඳුනහොත් ගෑස් ගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදාවෙන බව ද එම එකමුතුව සඳහන් කරයි.

ලෝක පොළෙඳ පොළේ ගෑස් මෙ.ටො එකක මිල අද (01) සිට ඇමෙරිකානු ඩොලර් 800ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

එය ඍජුව 12.5kg සිලින්ඩරයට පරිවර්තනය කළ විට රු 2,021ක් වුවත් අද ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රු 1,493කට බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව අවධාරණය කරයි.

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක වියදම පමණක් පියවා ගැනීමට අලෙවි කළ යුත්තේ රු 2,800කට බව ද එම එකමුතුව සඳහන් කරයි.

එනිසා අකමැත්තෙන් වුවද මෙම තත්ත්වය යටතේ 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු 1,200කින් ඉහළ නැංවිය යුතු බව ද එම එකමුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More