දේශීය පුවත්

යාපනයේ තැනින් තැන වර්ධනය වෙමින් පවතින අපරාධ හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා රැල්ල වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සියලූම ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට පෙරේදා (30 දා* දැනුම් දී තිබේ.

යාපනයේ බොහෝ ස්ථානවල විවිධ ආකාරයේ අපරාධ හා ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් සිදුවන බව පෙන්වා දෙන ආණ්ඩුකාරවරිය වන පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය තමන් ඒ ගැන දැඩි කනස්සල්ලෙන් සිටින බවද ප‍්‍රකාශ කොට තිබේ.

යාපනයේ අපරාධ සිදු කරන කොටස් බේරී පලා ගොස් දකුණු ප‍්‍රදේශයේ සැඟ වී සිටින බවත්, මෑතකදී එවැනි පිරිසක් අත්අඩංගුවට ගැනීම තුළින් පෙනී යන්නේ මේ අපරාධ සිදු කරන පිරිස තවත් පිරිස් සමග අපරාධ ජාලයක් ඇති කරගෙන ඇති බවද ආණ්ඩුකාරවරිය සඳහන් කරයි.

යාපනයේ ජනතාව මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ඉතා කඩිනමින් ලබාදෙන මෙන් ඉල්ලා සිටින උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ඒ සඳහා ජනතාවට 0777229338, 0768095139 යන දුරකතන අංකයන් දෙකද ලබා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More