ඉතාලියේ නගර සභා මැතිවරණය සඳහා තරග වැදීමට ඉතිහාසයේ පළමු වතාවට ශ‍්‍රී ලාංකිකයන් හයදෙනකුට අවස්ථාව උදා වී ඇත. මෙම අවස්ථාව ඔවුන් උදාකරගෙන තිබෙන්නේ ඉතාලියේ මිලානෝ සහ නාපෝලි නගරයේ ඡුන්ද කොට්ඨාශ වල තරග වැදීම සඳහාය.
ඉන් ශ‍්‍රී ලාංකිකයන් හතර දෙනෙක්ම මිලානෝ නගරයේ ඡුන්ද කොට්ඨාශ හතරක් සඳහා තරග වදින අතර දෙදෙනෙක් නාපොලි නගරයේ ඡුන්ද කොට්ඨාශයක් සඳහා තරග කිරීමට ඉදිරිපත් වී සිටිති.
ඒ අනුව අංක 07 කොට්ඨාශයට ධම්මිකා චන්ද්‍රසේකර, අංක 05 කොට්ඨාශයට රෝයි ගංගා, අංක 07 කොට්ඨාශයට කි‍්‍රස්ටෝපර් දඹගේ, සමස්ත කොට්ඨාශ 09 සඳහා කි‍්‍රස්ටිනා ගිත්මි මැතිවරණ තරග බිමට පිවිස ඇත.
සෙසු ශ‍්‍රී ලංකිකයන් දෙදෙනා වන ඇන්ජලි අලහකෝන් සහ රවින්ද්‍ර නාපොලි නගර සභාවට තරග වදිති.
ඉතාලියේ නගරසභා මැතිවරණයේ ඡුන්ද විමසීම මෙම මස 03 දා සහ 04දා පැවැත්වෙන අතර ඉතාලි දේශපාලනයට සම්බන්ධ වීමට මෙම අවස්ථාව උදාකරගෙන තිබෙන්නේ විවිධ අවස්ථාවල ඉතාලියේ රැුකියා සඳහා ශ‍්‍රී ලංකාවෙන් සංක‍්‍රමණයව පසු කාලීනව එරට පුරවැසිභාවය ලැබූ පිරිසක් වීම විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...