සමූපකාර තොග වෙළද සංස්ථාවේ නියෝජ්‍ය සභාපතිවරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය…
සමූපකාර තොග වෙළඳ සංස්ථාව ( සතොස ) සුදු ළූණු වංචාවකට කිසිඳු සම්බන්ධතාවයක් නොමැත.
2021.09.27 වන දින ඇතැම් පුවත් පත් ’’සතොස සුදු ළූණු වංචාව“ යන ශීර්ෂයෙන් පුවතක් වාර්තා කරන ලදී. එකී පුවත් ප්‍රකාරව හිමිකරුවන් නොමැතිව වරායේ ගබඩා කර ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රාජසන්තක කර සහන මිලට ජනතාවට ලබා දීමට සතොස ආයතනයට මුදාහැරීමේ කැබිනට් තීරණයට අනුව මුදාගත් සුදුළූණු බහලුම් දෙකක් පෞද්ගලික තොග ආයතනයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තාකොට ඇත.
එකී පුවත පරිදි මෑත වකවානුව තුල කැබිනට් තීරණ පරිදි හිමිකරුවන් නොමැතිව වරායේ ගබඩා කොට තිබී රාජසන්තක කරන ලද සුදුළූණු හෝ වෙනත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස ගබඩාවන් වෙත මුදාහැර නොමැති අතර, එකී පුවත ප්‍රකාරව සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( මූල්‍ය ) යනුවෙන් හඳුන්වා දී ඇති සුසිරි පෙරේරා මහතා ද අප ආයතනයේ සේවයේ නියුතු වූවෙකු නොවේ.
සමූපකාර තොග වෙළඳ සංස්ථාව 1949 අංක 47 දරණ පනතින් ස්ථාපිත රාජ්‍ය සංස්ථාවක් වන අතර, ලංකා සතොස ලිමිටඩ් ආයතනය 1987 අංක 22 දරණ සමාගම් පනතින් ස්ථාපිත සමාගමකි. එම පුවත් වලට අදාළ සිද්ධියට සමූපකාර තොග වෙළඳ සංස්ථාව ( සතොස ) කිසිඳු සම්බන්ධතාවයක් හෝ වගකීමක් නොමැත.
මෙයට – විශ්වාසී වූ.
සමූපකාර තොග වෙළද සංස්ථාවේ,
නීතිඥ තුෂාර දිසානායක
නියෝජ්‍ය සභාපති
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...