ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සහ eChannelling සේවාව එක්වී, ජාතික ඖෂධවේදී දිනය වෙනුවෙන්, මෙරට ප්‍රථම වරට ජාතික මට්ටමේ ඖෂධ සහය සේවාවක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. පවතින තත්ත්වය හමුවේ රටේ ජනතාවට වඩාත් පහසුවෙන් ඖෂධ ගෙන්වා ගැනීමට සහය වීමේ අරමුණින් මෙම සේවාව හඳුන්වා දී ඇත.

මේ යටතේ දුරකථන ඇමතුම් කළමනාකරණය කිරීම සහ ඖෂධ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා දැනටමත් ඖෂධවේදීන් 120 කට අධික පිරිසකට පුහුණව ලබාදීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. ඒ අනුව දැන් මෙරට ජනතාවට ආරක්ෂිතව නිවෙස් වලම සිටිමින්, 0716 222 555 අංකය ඔස්සේ තමන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

රටේ ජනතාවට ඖෂධ සම්බන්ධයෙන් විශිෂ්ටතම සේවාවක් ලබාදීම රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ මූලික අරමුණ වන අතර, මෙම සේවාව ඔස්සේ එම අරමුණ ඉටුකර ගැනීමට අත්වැලක් වීම සඳහා SLT-MOBITEL සහ eChannelling සේවාව ඉදිරිපත් විය. ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ මෙම සේවාව කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශ වල ක්‍රියාත්මක වන අතර, ඉදිරි මාස කිහිපයේදී එය රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

ඖෂධ සම්බන්ධයෙන් කිසියම් සහයක් අවශ්‍ය වන පාරිභෝගිකයන් මුලින්ම කළ යුතු වන්නේ, මෙම සේවාවට අදාළ ක්ෂණික ඇමතුම් අංකය වන 0716 222 555 අංකය ඇමතීම ය. එහිදී පුහුණුව ලත් ඖෂධවේදියෙකු විසින් අදාළ පාරිභෝගිකයාට අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබාදෙනු ඇත. ඉන් අනතුරුව එම පාරිභෝගිකයාට සබැඳියක් (Link) සහිත කෙටි පණිවිඩයක් (SMS) ලැබෙන අතර, එම සබැඳිය වෙත පිවිසී තම ඖෂධ නිර්දේශය ඇතුළත් (Upload) කළ විට, ඔහුට හෝ ඇයට අවශ්‍ය ඖෂධ නිවසටම ලැබෙනු ඇත. ජනතාවගේ පහසුව වෙනුවෙන් ප්‍රධාන භාෂා තුනෙන්ම මෙම සේවාව ක්‍රියාත්මක කෙරේ.

නවීන ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවීම සඳහා රජයේ ඖෂධවේදීන්ගේ සංගමයට අත්වැලක් වෙමින්, ජාතික ඖෂධ අලෙවිසැල් සහය සේවාව සඳහා අවශ්‍ය පිටුබලය ලබාදීමට SLT-MOBITEL සහ eChannelling සේවාව කටයුතු කර ඇත. මීට අමතරව රෝගීන්ට කිසියම් අතිරේක සහයෝගයක් අවශ්‍ය නම් එම  සහයෝගය ලබාදීම සඳහාද මෙම සේවාව ක්‍රියාත්මක වේ.

ඖෂධ ඇණවුම් කිරීමේදී eChannelling සේවාවේ ඖෂධ නිර්දේශ පිටුව වන https://www.echannelling.com/echannelling-prescription-view/  වෙත පිවිසී තම ඖෂධ නිර්දේශයේ ඡායාරූපයක් අප්ලෝඩ් කළ හැකි අතර, ඒ ඔස්සේ තමන්ට අවශ්‍ය ඔසුසල් ඖෂධ රජයේ ලියාපදිංචි ඖෂධ අලෙවිසැලකින් මිලදීගෙන නිවෙසටම ගෙන්වා ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More