නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල (01) සිට විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
අවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීම සඳහා, 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවල කටයුතු අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්ගේ මඟපෙන්වීම මත සිදුකර දෙන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාර්යාලීය රාජකාරී දිනවල පෙ.ව 9 සිට ප.ව 4 දක්වා වාහන ලියාපදිංචි කිරීම් සඳහා 0707 677 877 දුරකථනයටත්, රියදුරු බලපත්‍ර සඳහා 0707 677977 දුරකථන අංකයටත් අමතන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
කාර්යාලීය රාජකාරී වේලාවෙන් පසුව ඔබගේ විමසීම් WhatsApp/ Viber / SMS පණිවුඩයක් මඟින් ඉහත අංකයන්ට යොමුකරන ලෙසත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යල හා සියලුම පළාත් කාර්යාලවල සේවාවන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් මස 4 වන සඳුදා දින සිට එම කාර්යාලවල සේවාවන් ආරම්භ කෙරේ. එසේ වුවද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවේ.
නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා මේ බව දැනුම් දී තිබේ.
ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත්, ග්‍රාම නිලධාරීන් මඟින් සහතික කළ පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය වෙත භාර දිය යුතුය.
එම අයදුම්පත් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර, අයදුම්කරුවන්ගේ පෞද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මඟින් කඩිනමින් යොමුකිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...