දේශීය පුවත්

සහල්වලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම සහල් මෝල් හිමියන්ගේ ජයග‍්‍රහණයක් යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා ඊයේ 28 දා පැවැසීය.

මෙය රජය විසින්ම නිසි ක‍්‍රමවේදයක් නැතිව කටයුතු කිරීම නිසා ඇතිවූ සිද්ධියක් බවත් එය හරියට බත් හට්ටිය කෑමට පැමිණි බළලාට උම්බලකඩයෙන් ගැසීම නිසා උම්බලකඩය බළලා විසින් රැුගෙන යෑමත්, උම්බලකඩය වැදී හට්ටිය බිඳී යෑමත් වැනි කි‍්‍රයාවක් බවත් කරුණාරත්න මහතා කීය.

රජය විසින් පසුගිය වකවානුවේ කුඩා මෝල් හිමියන්ට මිල පාලනය දැමීම නිසා කුඩා මෝල් හිමියන් ගොවීන්ගේ වී මිලදී ගැනීම නතර කර තිබූ බවත් එහි වාසියද මහා පරිමාණ මෝල් හිමියන් අතට ගෙන වී ටික විකුණා
ගැනීමට නොහැකිව සිටි ගොවියාගේ වී ටික ඔවුන් අඩු මිලට ලබාගත් බවත් ඒ මහතා සඳහන් කළේය.

රජය විසින් නාඩු සහල් රුපියල් 98 ට මිල නියමකර තිබියදී මෝල් හිමියන් නාඩු තොග මිල රුපියල් 110 ක් ලෙසත්, සම්බා 103 ට මිල නියම කර තිබියදී තොග මිල රුපියල් 122 ක් ලෙසත්, කීරි සම්බා රුපියල් 125 ක් ලෙස මිල නියම කර තිබියදී තොග මිල රුපියල් 170 කට අලෙවි කළ බවත් කී නාමල් කරුණාරත්න මහතා පාලන මිල ඉවත් කිරීම නිසා කුමන මිලකට අලෙවි කරයිද යන්න මෝල් හිමියන්ගෙන්ම විමසා මිල තීරණය කළ යුතු තත්ත්වයට පත්ව ඇතැයි කීය.

රජය මොනව කීවත් හාල් මාෆියාවේ නිරත මහ මෝල් හිමියන් පස් හය දෙනා අතර සියයට 75 ක ඒකාධිකාරියක් පවතින බවත් එය බිඳ හෙළීමට අවශ්‍ය නම් රජය වී මිලදී ගෙන රජයේ මෝල් සකස් කර සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීම කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.



One thought on “අන්තිමේ දිනුවේ මෝල්ලු – නාමල් කරුණාරත්න”

  1. නාමල් මහත්තයෝ, ගොවියාට වී කිලෝ එකකට රුපියල් 60ක් දෙන එකට ඔයා විරුද්ධද? රුපියල් 98ට නාඩු හාල් විකුණනකොට නාඩු වී කිලෝ එකකට දෙන්නේ කීයක්ද දෙන්නේ? ඔයා ගොවි නායකයෙක්ද, හරක් පට්ටියක නායකයෙක්ද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More