දේශීය පුවත්

බලශක්ති අමාත්‍යාංශයේ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමට අදාළව රටට අවාසිදායක කිසිදු ගිවිසුමකට ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස තමන් අත්සන් නොතබන බව යි.

එහිදී අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 වසර දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැනීමට බාධාවක් වන බවයි

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ගම්මන්පිල මහතා පවසා සිටියේ,

“නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ගෑස් සැපයීම ආරම්භ වෙන්නේ 2023 සිට වසර පහකට. ඒ කියන්නේ 2023 – 2028 දක්වා තමයි ඒ අය ගෑස් සපයන්නේ. අපි හිතනවා මේ අවුරුද්දේ අග වෙද්දි වෙන්දේසිය පැවැත්වුවහොත් එතැන සිට වසර 3ක දී අපේ රටේ ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. ඒ කියන්නේ 2022 සිට ගත්තොත් 2025 සිට අපිට ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. හැබැයි අපේ විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැණීමට විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට බාධකයක් ලෙස බලශක්ති අමාත්‍යවරයා ලෙස මම දකිනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වුණ සෑම අවස්ථාවක දීම අපේ අමාත්‍යාංශයට එය බලපාන ආකාරය පිළිබඳ අපි ලිඛිතව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීලා තියෙන්නේ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ යුගදනවි බලාගාරයේ සියයට 40ක් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දීම නෙමෙයි. ශ්‍රී ලංකාවේ ගෑස් සැපයිමේ ඒකාධිකාරය 2023 සිට වසර 5කට අමෙරිකානු සමාගමකට හිමිවීම, ඒ වගේම ටෙන්ඩරයක් ක්‍රියාත්මක වෙමින් තිබිය දී ගෑස් විෂය ගැන දන්න අය ඉන්නේ අපේ අමාත්‍යාංශයේ නමුත් නමුත් ගිවිසුම්වලට එළඹුණු කිසිම කමිටුවක අපේ අමාත්‍යාංශ නියෝජිතයෝ සිටියේ නෑ. අපි අමාත්‍යාංශය පැත්තෙන් විෂය දන්න අය හැටියට මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණ දෙකක් ලබාදීලා තියෙනවා. තව නිරීක්ෂණයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මම දන්නේ නෑ ගෑස් ගිවිසුම කොච්චර කල් සාකච්ඡා කරා ද කියලා. දවසින් දෙකින් බොහෝ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් වෙනවා. උන් කොන්දේසි ඉදිරිපත් කරනවා, අපි එකඟ වෙනවා, ගිවිසුම ගහනවා. අපේ රටට අවාසිදායක ගිවිසුමකට මම නම් අත්සන් කරන්නේ නෑ.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More