දේශීය පුවත්

‘‘එයාල අඩියක් පස්සට ගන්නේ නෑ කියලා කියනවා නම් අපි කියනවා අඩියක් නෙමෙයි අඩි සිය දහසක් ඉස්සරහට පැනලා හරි නවත්වනවා…’’

පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරුව ඉදිකිරීම සඳහා හොර රහසේම දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව කැඳවා අනුමත කරවා ගැනීමේ වෑයමක් සැලවීම හේතුවෙන් පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධාන 38 ක් හා මහා සංඝ රත්නය එක්ව ඊට විරෝධය පා විරෝධතා පෙත්සමක් දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමරකීර්ති අතුකෝරල මහතාට ඊයේ (28දා) දහවල් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය අසලට පැමිණ භාර දුන්හ.

පොලොන්නරුව දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැුස්වීම ඊයේ (28දා) පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී පැවති අතර මෙම කමිටු රැස්වීමේදී දැනට තාවකාලිකව නවතා දමා තිබෙන පරාක‍්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මං තීරුව ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබූ බවට ලද තොරතුරකට අනුව මෙසේ ගොවි සංවිධාන හා මහා සංඝරත්නය එම ස්ථානයට විරෝධතා පාගමනකින් පැමිණ පෙත්සම භාර දුන්හ. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරාක‍්‍රම සමුද්‍රය සුරැුකීමේ ව්‍යාපාරයේ සභාපති උතුරු මැද පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක පොලොන්නරුව දිස්ත‍්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියෝ මෙසේ පැවසූහ.

‘‘මේ අය 2020 දී යෝජනා කරලා තියෙනවා දිසාපති බංගලාව අසල සිට ධර්මපාල වටරවුම හරහා අලූත් නිල නිවාස සංකීර්ණය දක්වා කිලෝමීටර් දෙක හමාරක මං තීරුවක් හදන්න. අපි ඒක කරන්න කියලා මතක් කරනවා. ඒකට අපට ආශිර්වාද කරන්න පුළුවන්. නමුත් පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත මං තීරුව ඉදිකරන්න දෙන්නේ නෑ. අපිත් එක්ක කිසිම සාකච්ඡාවක් නෑ. දිසාපතිතුමා අපට සාකච්ඡාවක් දෙනවා කියලා පොලොන්දු වුණා. ඒක කළෙත් නෑ. කිසිම සාකච්ඡාවක් නැතුව හොර රහසේ අනුමැතිය අරගෙන කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.

දිසාපතිවරයා ඒ සාකච්ඡාව දෙන්න හැදුවේ ගොඩාක් සංඝරත්නය ගෙනල්ලා, සෞඛ්‍ය නීති කඩලා, එතැන සංඝ රත්නයේ ගැටුමක් ඇති කරවලා, අපි ඒකට එකග වුණේ නෑ. එහෙම කරලා වැව් බැම්මට ගෙනල්ලා ආශිර්වාද කරවාගෙන මුදල් ගනුදෙනුත් කරගෙන තියෙනවා. ඒවා අපි කරන්න දෙන්නේ නෑ. එයාල අඩියක් පස්සට ගන්නේ නෑ කියලා කියනවා නම් අපි කියනවා අඩියක් නෙමෙයි අඩි සිය දහසක් අඩි ඉස්සරහට පැනලා හරි යන්න පුලූවන්. අද පොරොන්දු වුණා වචනෙකින්වත් අද මේ මාතෘකාව සාකච්ඡුාවට ගන්නේ නෑ කියලා. ගොවි ජනතාවගේත් මහා සංගරත්නයේත් විරෝධතා සැලකිල්ලට අරගෙන එම ව්‍යාපෘතිය අතහැර දමන බව පැවසුවා. සංවර්ධන කමිටුවේ සභාපතිතුමා අපේ අතුකෝරල මන්ත‍්‍රීතුමා.ඒනිසා

අපි එතන ඉන්නවා. වැව් බැම්මේ මං තීරුව හදන්න දෙන්නෙම නෑ. පරාක‍්‍රම සමුද්‍රයේ ගොවි සංවිධාන 38ක නියෝජිතයෝ මෙතන ඉන්නවා. අපි පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය ඉන්නවා. අපි ඒක කරන්න දෙන්නේ නෑ. අර 2020 යෝජනා කරගත්ත නව නගරේ මං තීරුව හදා ගන්න. අපි ඒකට විරුද්ධ නෑ. අද ආණ්ඩුකාරතුමාටත්, සම්බන්ධීකරණ සභාපතිතුමාටත්, දිසාපතිතුමාටත් අපි සංදේශ භාර දුන්නා. අපි කියන්නේ දැන් මේක නවත්තලා ළඟ එන මහ වැහිවලට කලින් කඩලා දාඅපු වැව් බැම්මේ රළපනාව තිබුණ විදිහට සකස් කරන්න…”

පොලොන්නරුව නවනගරය, අක්කර 500 ශ‍්‍රී ගුණරතනාරාමය අසල සිට ගොවි සංවිධාන හා පරාක‍්‍රම සමුද්‍රය සුරැුකීමේ සංවිධානයේ පිරිස මහා සංඝරත්නයද පෙරදැරිව මෙසේ විරෝධතා පාගමනින් පැමිණ සංදේශය භාර දී නික්ම ගියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More