දේශීය පුවත්

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

“අපි වගකිව යුතු රජයක් වීදියට ශ්‍රී ලංකාවේ භූමියට ශාකවලට හා සත්වයන්ට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය නොකරන බවට අප මීට පෙර ලබාදුන් සහතිකය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි චීන සමාගමේ පොහොර නැවැත්වීමට තීරණය කළේ. පසුගිය රජය සමයේ රටට අපේ භූමියට අහිතකර පොහොර විශාල වශයෙන් ආනයනය කර තිබෙනවා. එම පොහොරවල අහිතකර ක්ෂුද්‍ර ජීවින් බැක්ටීරියාවන් තිබෙන බව රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී තිබීයදී එම රසායනාගාර වාර්තා වෙනස් කර අහිතකර පොහොර ගෙනවිත් ගොවින්ට බෙදා දී තිබෙනවා. එසේ වුවත් අප ජනතාවට වගකියන රජයක් විදියට කිසිදු අහිතකර පොහොර වර්ගයක් මෙරටට ගෙන්වන්නේ නැති බව අප ජනතාවට සහතික වෙනවා. ”

මෙහිදී අදහස් දැක්වු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පෙන්වා දුන්නේ තම දෙපාර්තමේන්තු යටතේ ඇති ශාඛ නිරෝධායන මධ්‍යස්ථානයේ නිර්දේශ නොකරන කිසිදු පොහොර වර්ගයක් හෝ ද්‍රව්‍යක් රට තුළට ගෙන එමට ඉඩ නොදෙන බවයි. විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා අපට පූර්ණ බලතල ලබාදී තිබෙනවා ශාඛ නිරෝධායන නීතිරීති අකුරට පිළිපදින්න. ඒ ගැන අප සතුටු වෙනවා. අපේ වගකීම ගොවියාත් ඔහු ගොවිතැන් කරන භූමියන් ආරක්ෂා කර ගැනීමයි. ඊට හානිවන කිසිවක් රට තුළ ගෙන ඒමට පවතින නීතිරීති වලට අනුව ඉඩක් ලැබෙන්නේ නැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

කෙසේ වුවද මහ කන්නයේ ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර නියමිත ප්‍රමිතියෙන් යුතුව ලබා දීමට පියවර ගන්නා බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික විය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More