දේශීය පුවත්

අලි මිනිස් ගැටුම් හේතුවෙන් ලොව වැඩි ම අලින් මියයන රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වන බව ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සුපුන් ළහිරු ප්‍රකාශ් පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ, අලි මිනිස් ගැටුම් හේතුවෙන් ලොව දෙවැනියට වැඩි ම මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ වන්නේ ද මෙරට තුළ බවයි.

මේ වන විට මෙරට සමාජයට බරපතළ ගැටලුවක් ඇති කර ඇති අලි මිනිස් ගැටුම් හේතුවෙන් දිනකට දල වශයෙන් එක් අලියෙකු බැගින් මියයන බව ඔවුන් විසින් සිදු කළ සමීක්ෂණයක දී හෙළි වී තිබෙනවා.

එමෙන්ම මෙම ගැටුම් හේතුවෙන් අවම තරමින් සතියකට මිනිස් ජීවිත ද දෙකක් පමණ අහිමි වන බවයි ඔහු පවසන්නේ.

නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොර ව මෙම ගැටුම් නිරාකරණය කිරීමට දරණ උත්සාහයන් මේ තත්ත්වය තවත් බරපතළ කර ඇති බවට යි ඔහු අවධාරණය කරන්නේ.

වනජීවි බලධාරීන් මෙම ගැටුම් නිරාකරණයට වහා ම විද්‍යාත්මක ක්‍රමවේදයන් හරහා පිළිතුරු සෙවිය යුතු කාලය එළඹ ඇති බව පවසන සුපුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම අවස්ථාව බලධාරීන් විසින් මඟ හරින්නේ නම් ඉදිරියේ දී ඇතිවන අනිසි ඵල විපාකවලට ඔවුන් හට වගකීමට සිදු වන බවයි.

නිසි සොයා බැලීමකින් තොර ව හොරෝව්පතාන ප්‍රදේශයේ පිහිටුවා ඇති වන අලින් රඳවා තැබීමේ මධ්‍යස්ථානය ද විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක නො වන්නක් බවයි ඔහු අවධාරණය කරන්නේ.
ගැටුම්කාරී වන අලින් කුඩා බිම් කොටසකට කොටුකර ඒ වටා විදුලි වැටක් එලීම හරහා මෙම ගැටලුව නිරාකරණය කරගත නො හැකි බව පවසන ඔහු කියා සිටින්නේ වන අලින්ගේ එදිනෙදා දිවිපෙවෙතට බාධා එල්ල වෙන ක්‍රියාකාරකම් වහා අඩුකළ යුතු බවයි.

එමෙන්ම සංවර්ධනයේ නාමයෙන් වන අලින් ගැවසෙන වනාන්තර කොටස් දිනෙන් දින හීන වීමත් මෙම ගැටලුව තවත් බරපතළ කිරීමට හේතුවක් වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More