දේශීය පුවත්

මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මඟින් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණි.

ඒ අනුව මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්, නාවිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව මාර්ගෝපදේශයෙහි දැක්වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඒ අනුව ඕනෑම ගුවන් මගියෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔහු පැමිණෙන රටේ පැය 72කට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙක් නොවන්නේ නම් මෙරට දී යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය වීම අනවශ්‍ය බවය.

එම ක්‍රමවේදය කටුනායක හා මත්තල යන ගුවන්තොටුපොළ දෙක සඳහා ම ඊයේ (28) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව පූර්ණ එන්නත්කරණය නොවූ විදේශීකයින්ට, විදෙස් සංචාරකයින්ට ජෛව බුබුලක් ලෙස සිය හෝටලය වෙත යෑමට අවස්ථාව ලබාදෙන බවත් එහිදී පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර ඇත.

එහෙත් ලාංකීකයන්ට ගුවන්තොටුපොළේ දී හෝ රැඳී සිටින හෝටලයේ දී පීසීආර් පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මඟින් ආසාදිතයෙක් නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කළ හැකිය.

එහිදී 12 වන දිනයේ දී නැවත වරක් සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් ද ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සමාජගත වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සඳහන් කර තිබේ.

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා ලද හෝටලයක දී දින 14ක් නිරෝධායනය වී ඔවුන්ට සමාජගත විය හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More