දේශීය පුවත්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමට අදාළ එම සමාගමේ සේවය කරන ඉංජිනේරුවා ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධාන දත්ත ගොනුවට පරිබාහිර ව තිබූ ඖෂධ පිළිබඳව තොරතුරු ඇතුළත් ඇතුළත් දත්ත ගොනුවක් ඔහු විසින් මකා දමා ඇති බවට මෙහිදී අනාවරණය වී ඇති බව වාර්තාවේ.

මුලදී ඔහු මෙය අත්වැරැද්දකින් සිදුවූ බව පැවසුව ද එය ඔහු විසින් හිතා මතා කල බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්තවලට අනුරූපව IP Addressee සාදා තම නිවසේ පෞද්ගලික පරිගණකයෙන් ද මෙහෙයවිය හැකි ආකාරයට රහසිගතව සාදාගෙන ඒ හරහා ඒ මැකීමට කටයුතු කළ බව අනාවරණය වී ඇත.

ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්තවලට අනුරූපව IP Addressee සාදා තම නිවසේ පෞද්ගලික පරිගණකයෙන් ද මෙහෙයවිය හැකි ආකාරයට රහසිගතව සාදාගෙන ඒ හරහා ඒ මැකීමට කටයුතු කළ බව අනාවරණය වී ඇත.

දිවුලපිටිය වල්පිට පිහිටි නිවසේදී 34 හැවිරිදි ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පොදු දේපළ පනත යටතේ සහ පරිගණක අපරාධ පනත යටතේ වැරදි සිදු කර ඇති බවට මූලික විමර්ශනවල දී හෙළි වී තිබේ.



One thought on “ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමට අදාල ඉංජිනේරුවරයා අත්අඩංගුවට”

  1. Dan dan Tiken tika waraadi karayo eliyata enawa. me tharam horu gedara gihinuth datta makala kiyanne muta mara power ekk neh thibila thiyenne

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More